Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

රග්බි ගහපු රෝහිත රාජපක්ෂ ක්‍රිකට් ගහන්න ලෑස්ති වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ ඉදිරියේ ආරම්භවන අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේද බාල සහොදරයා වන රෝහිත රාජපක්ෂව, කළුතර ප්‍රදේශයේ ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් තරග බිමට පිවිසීමේ සූදානමින් සිටියි.

මේ වනවිට පුහුණුවීම් කටයුතු ද ආරම්භ කර ඇති ඔහු ඊයේ (12දා) සහ අද (13දා) දිනයේදී මග්ගොන සරේ ක්‍රීඩාංගනයේදී පුහුණු තරගයකටද සහභාගි වී ඇත.
ක්‍රිකට් ක්‍රීඩාව තෝරාගැනීමට පෙර රෝහිත රාජපක්ෂ රග්බි ක්‍රීඩකයෙක් වන අතර, ඔහු යුද හමුදා ක්‍රීඩා සමාජය මෙන්ම කොළඹ සි.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මෙරට පැවැත්වෙන ප්‍රධානතම අන්තර් සමාජ පළමු පෙළ රග්බි තරගාවලියට ක්‍රීඩා කර ඇත.

- Advertisement -spot_img

More Related Like This

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...