කහවත්ත මූලික රෝහලේ ඖෂධ ගබඩාවෙන් සොරාගත් බෙහෙත් පෙති සහ අත්මේස් මල් ශාලාවකට විකුණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ කහවත්ත රෝහලේ සේවකයන් තිදෙනා බේරා ගැනීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි දේශපාලඥයෙකු නීච උත්සාහයක් දරන බව වාර්තො වෙයි.
අදාල සේවකයන් තිදෙනා විසින් ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුත් ඖෂධ 1500ක් සහ අත්මේස් 10,000කට අධික ප්‍රමාණයක් රෝහල් ගබඩාවෙන් සොකරම් කර මල් ශාලාවකට විකුණා ඇතැයිද මොවුන් තිදෙනා කලක පටන් මෙම ජාවාරම සිදුකර ඇතැයිද වාර්තා වෙයි.
රෝහල් සේවකයන් තිදෙනාගෙන් එක් අයෙකු ඖෂධ ගබඩාවේ සහ සෙසු දෙදෙනා වාට්ටුවල සේවය කරන අතර විමර්ශන කටයුතු වලට අදාලව මොවුන් තිදෙනා මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා ඇතැයිද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
අදාල සැකකරුවන්ගේ මෙම සොරකම පිලිබඳව මීට සති තුනකට ඉහත දී හඳුනාගෙන ඇති අතර ඒ පිලිබඳ සූක්ෂම ලෙස කරන ලද විමසිලිමත්බව නිසාවෙන් මෙම සොරකම අනාවරණය කර ගැනීමට හැකිව ඇත.
කෙසේ වෙතත් මෙම සොකරම සම්බන්දව සිදුකරන විමර්ශනයන්ට නිරන්තරයෙන් බාදා කරමින් රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු රෝහලට බලපෑම් සිදුකරමින් සිටින බවත් මොවුන් තිදෙනාට ගනු ලබන ක්‍රියාමාර්ග ලිහිල් කරන ලෙසත් අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රෝහල වෙත බලපෑම් සිදුකරමින් සිටින බවත් වාර්තා වෙයි.
රෝගින්ට ප්‍රථිකාර ලබා දීමට ගෙනා ඖෂධ සොකරම් කරමින් කූඨ ජවාරමේ නිරතවන මේ සොරුන් බේරා ගැනීම සඳහා රත්නපුරෙන් පැමිණි මෙම දේශපාලඥයාට ඇති අමාරුව කුමක්ද යන්න වහා සෙවිය යුතු අතර අදාල පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාද දූෂිත සොරෙකු වන නිසාවෙන් මෙම සොරුන්ව බේරා ගැනීම සඳහා රෝහලට බලපෑම් සිදුකරන බවද අදාල රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.