ඉන්දියානු ණය ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තාවෙයි.
මුදල් අමාත්‍යාංශ ආරංචිමාරග අනුව ඉන්දිය රජය හරහා සෘජුව මෙම ණය ආධාර සියයට 1 ආසන්න පොලියකට ලබා ගන්නා බව ද සඳහන්.
මීට අදාල ගිවිසුම එළෙඹෙන සඳුදා මෙරටට ලැබීමට නියමිත අතර එය ලබන 25 වැනි දින කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයිද මෙලෙස ණය ලබා ගැනීමට නියමිත ණය ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට යොදවනු ලබන බව ද සඳහන් වෙයි.