Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ලංකාව ඉන්දියාවේ ප්‍රාන්ත රජයක්ද ?

ලංකාව ඉන්දියාවේ ප්‍රාන්ත රජයක් සේම ලංකා පාලකයින් ක්‍රියාකාරන්නේ ඉන්දියාවේ කීමට දැයි පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සොභිත හිමියන් විසින් ප්‍රශ්න කරනු ලබයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම වේගවත් කිරීමට හේතුව ඉන්දීය ප්‍රබලයන් මෙරටට පැමිණි නිසාදැයි ප්‍රශ්න කරන කරන ඕමල්පේ හිමියන් සඳන් කරනුයේ මෙතරම් අර්බුධකාරී තත්ත්වයක් තිබියදි පව මේ මොහොතේ ජනතා අපේක්ෂාව මැතිවරණයක් නොවන බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ හිමියන් සඳහන් කලේ භාන්ඩ මිල වැඩි වීම හමුවේ ජනතාව ඉතා අසරණව පීඩාවට පත්ව සිටින බවත් පාලකයන් මේ සඳහා වගකිව යුතු බවය.

”ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ තමා මේ රටේ බඩුමිල වැඩිවෙලා තියෙන්නේ. දැන් රටේ තියෙන නිෂ්පාදනවලට මිල නියම කරන්නේ ඒ ඒ ව්‍යාපාරිකයින්මයි. සෞඛ්‍ය සේවා අධ්‍යාපනය ජනතාවගේ ජීවන තත්ත්වයන් ඉතාම අමාරු කාලයක් තමයි ගෙවෙන්නේ මේ කාලවකවානුවේ දී ඉන්දීය විදේශ ලේකම් යුද හමුදාපති ලංකාවට පැමිණීම වාර්තා වෙනවා. මේ පළාත් සභා මැතිවරණය වේගවත් වෙන්න හේතුවක් වෙන්නේ ඉන්දියාවේ අය මෙහෙ ආවට පස්සේ ද රටේ මේ සා විශාල අර්බුදකාරී තත්ත්වයක් තියෙද්දී කාගේ වුවමනාවටද මැතිවරණයක් තියන්න යන්නේ මේ මොහොතේ ජනතාව ඉල්ලන්නේ මැතිවරණයක් නෙවෙයි. රුපියල් බිලියන සීයක් දෙන්න යනවා මැතිවරණයට පෙර මේකත් ඡන්ද ගුණ්ඩුවක් ද අපිට දැන් අහන්න වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවත් ඉන්දියාවේ තවත් ප්‍රාන්ත රජයක් ද කියන එකයි. මේ රටේ පාලකයන් වැඩ කරන්නේ ඉන්දියාවේ අවශ්‍යතාවයන්වලට ද?”

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img