Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ලෝක ශූර බංග්ලාදේශය ශ්‍රී ලංකාවට දණ නමයි

janamaga-Dunith-Wellalage-2R-වත්මන් ලෝක ශූර බංග්ලාදේශ වයස 19න් පහළ කණ්ඩායම පරාජය කර තරග 05කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 42ක ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (15දා) සමත් විය.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 229කට ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 46.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 186ක් පමණි.

ට්‍රෙවීන් මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු යැවීම ඉදිරියේ බංග්ලාදේශය ඉනිම සම්පූර්ණයෙන් අසරණ වූ අතර, ඔහු සිය පන්දුවාර 10 අවසන් කළේ ලකුණු 29කට පිතිකරුවන් සිවු දෙනෙකුම ක්‍රීඩාගාරය වෙත හරවා යවමිනි.

කෙසේ නමුත් මෙහිදී ලෙහෙසියෙන් පරාජය භාරගැනීමට අකමැති වූ බංග්ලාදේශ අංක 04 පිතිකරු අයිච් මොල්ලා ඉනිමේ අවසානය තෙක් රැඳී සිටි අතර, ඔහු අවසන් කඩුල්ල ලෙස දැවීයන විට පන්දු 93කට මුහුණදෙමින් ලකුණු 86ක් රැස්කරගෙන සිටියේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් පන්දුවාර 50 තුළදී කඩුලු 09ක් දැවී ලකුණු 228ක් රැස්කිරීමට සමත් විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පවන් පතිරාජ පන්දු 88කට මුහුණදෙමින් ලකුණු 67ක් රැස්කිරීමට සමත් වූ අතර, පන්දු 88කදී ගොඩනැගුණු එම ඉනිමට හතරේ පහර 05ක් ඇතුළත් විය.

මෙහිදී බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්‍ෂතා දැක් වූ රිපොන් මොන්ඩල් සිය පන්දුවාර 10 තුළදී ලකුණු 59කට කඩුලු 03ක් දවාගැනීමට සමත් විය.

පසුගිය 2020 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති වයස 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බංග්ලාදේශය සමත් වූ අතර, එහිදී ඔවුන් හමුවේ පරාජය වූයේ ඉන්දියාවයි.

janamaga-Aich-Mollah-L-50-runs-ශ්‍රී ලංකාව 228/9 (පන්දුවාර 50)

පවන් පතිරාජ 67 (88, 4×5), රවීන් ද සිල්වා 29 (47, 4×2), සදිෂ රාජපක්‍ෂ 28 (58, 4×3), යසිරු රොද්‍රිගෝ නොදැවී 25 (15, 4×3, 6×1)

බංග්ලාදේශය පන්දු යැවීම

රිපොන් මොන්ඩොල් 3/59 (10), අෂිකුර් සමාන් 2/43 (10), ගුලාම් කිබ්‍රා 1/21 (7), එස්.එම්. මෙහෙරොබ් 1/28 (8), අරිෆුල් ඉස්ලාම් 1/14 (4)

බංග්ලාදේශය 186/10 (පන්දුවාර 46.2)

අයිච් මොල්ලා 86 (93, 4×9), අරිෆුල් ඉස්ලාම් 38 (67, 4×2), ඉෆ්ටිකාර් හුසේන් 16 (33, 4×2)

ශ්‍රී ලංකාව පන්දු යැවීම

ට්‍රෙවීන් මැතිව්ස් 4/29 (10), ශෙවොන් ඩැනියල් 2/21 (6), මතීෂ පතිරණ 1/17 (5.2), දුනිත් වෙල්ලාලගේ 1/37 (10), චමිඳු වික්‍රමසිංහ 1/33 (6)

(ඡායාරූප අනුග්‍රහය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය)

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img