ඉන්දීය ප්‍රිමියර් ලීග් 2022 තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කිරීම සඳහා තෝරාගෙන ඇති අවසන් ලැයිස්තුවට ඇතුලත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 23 දෙනා අතුරින් වැඩිම මූලික ලංසුව හිමිව ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට බව වාර්තා වෙයි.
ඒ අනුව ඔහුට හිමිව ඇතැ ලන්සුව ඉන්දීය රුපියල් කෝටියක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් දල වශයෙන් දෙකෝටි හැටනම ලක්ෂ හැත්තෑ දෙදහසක් පමණ වෙයි.
එසේම අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හී විස්සයි විස්ස පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන වනිඳු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර සිව්වැනි ස්ථානයේද පසුවෙති.
පසුගිය 2021 වසරේ අරාබි එමීර් රාජ්‍යයේ පැවැති විස්සයි විස්ස තරගාවලියේ සහ අබුඩාබ් දහයයි 10 තරගාවලියේදී වැඩිම කඩුළුලාභියා බවට පත්වීමට ද වනිදු හසරංග සමත් විය.
එසේම ඉකුත් වසරේ පැවැති ඉන්දීය ප්‍රීමයර් ලීග් තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීමට වනිදුට අවස්ථාවක උදා වුවද එහිදි තරග 02කට පමණක් ක්‍රීඩා කල ඔහු කඩුලු දවා ගැනීමට අපොහොසත් විය.
මේ වනවිට 24 වැනි වියේ පසුවන වනිදු හසරංග විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 33කදි අර්ධ ශතකයක් සමග ලකුණු 319ක් රැස්කරමින් කඩුළු 52ක් දවාගෙන ඇත.
එමෙන්ම වනිදු හසරංග හැරුණු කොට වෙන්දේසියට ඇතුලත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරනි මින් පෙර අයි.පී.එල් තරගාවලියකට සහභාගී වී ඇත්තේ කිරස පෙරේරා, ඉසුරු උදාන, කුසල් පෙරේරා, අකිල ධනංජය, සහ දුශ්මන්ත චමීර පමණි.