Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

වසන්ත ප්‍රිය රාමනායක අභාවප්‍රාප්ත වෙයි

80 දශකයේ සිට වසර හතලිහකට ආසන්න කාලයක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු‍ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට  67 වියේ පසු වූ එතුමා දෙදරු පියෙකි.

පෙරමඟ සඟරාවේ මාණ්ඩලික ලේඛකයෙකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ රාමනායක මහතා පසුව එහි සහ දෙසතිය සඟරාවේ  ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ මාධ්‍ය අධ්‍යක්ෂ වරයෙකු ලෙස ද  ඒ මහතා කටයුතු කළේය. කෙටි කලක් ලේක්හවුස් ආයතනයේ  සභාපති ධූරය හෙබවූ රාමනායක මහතා ප්‍රවීණ දේශපාලන විචාරකයෙකු ලෙස ද ප්‍රකටය. එතුමා ලංකාදීප පුවත්පතේ කිවිදා විග්‍රහය දේශපාලන ලිපිය දීර්ඝ කාලයක් රචනා කළ අතර  ජාතික රූපවාහිනියේ ද දේශපාලන සමාලෝචන වැඩසටහන් මෙහෙය වීය.

ආසියානු කලාපයේ මාධ්‍යවේදීන් හා සාහිත්‍යධරයන් අතර පුළුල් සබඳතාවයක් ඇති කිරීම අරමුණෙන් 2015 දි ඇරඹූ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික  සංගමයේ (AMCA ) පුරෝගාමියා වන්නේ ද  වසන්ත රාමනායක මහතාය.

වසන්ත ප්‍රිය රාමනායක මහතා ගාල්ල විද්‍යාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍යයෙකි.

ඒ මහතාගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ Respect හි තැන්පත් කර ඇත. අවසන් කටයුතු හෙට (15) ප.ව. 3.00 බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරේ.

- Advertisement -spot_img

More Related Like This

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...