මෙරට කාලයක් පුරාවට සිනමා ක්ෂේස්ත්‍රය තුල ඇතිව තිබෙන අර්බුද දිනෙන් දින ඉහලයාම් මිස පහලයාම් නම් නොමැත. ඒ තුලින් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුට තමන්ගේ චිත්‍රපටය තිරගත කරගත නොහැකිවීම ප්‍රධානම ගැටළුවක් සේ සැලකේ. මෙසේ තිරගත නොවූ චිත්‍රපට අතුරින් බහුතරයක්ම ඇත්තේ නවක සිනමා නිර්මාණකරුවන්ගේ සිනමා නිර්මාණ වීමද කණගාටුවට කරුණක්. මෙසේ නවක නිර්මාණකරුවන්ගේ සිනමා නිර්මාණ තිරගත කරගත නොහැකි අවධියක මේ වන විට ජාතික චිත්‍රපට සංස්ථාවේ තිරගත නොවූ චිත්‍රපට සියයකටත් වඩා අධික සංඛයාවක් ගොඩ ගැසී ඇති අවධියක තමන්ගේ චිත්‍රපටය තිරගත කරගැනීමට නොහැකිවූ සිනමා නිර්මාණකරුවෙක් සොයා ගියෙමු ඔහු නමින් ප්‍රියන්ත කළුආරච්චි.
කවුද ප්‍රියන්ත කළුආරච්චි කියන්නේ ඔබ ඔබවම හඳුන්වාදෙන්නේ කොහොමද ?
මම මුළින්ම වේදිකාවත් එක්ක වැඩකරපු කෙනෙක්. නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් විදිහට මම නාට්‍යක් කලා එයට සම්මාන පවා ලැබුනා ඉන්පසුව වාර්තා චිත්‍රපටවල වැඩකලා ඒවාත් යම් යම් ඇගයීමට පාත්‍රවෙලා තියෙනවා
ඔබේ පළමු චිත්‍රපටය වන ‘රතු සමණල හීනයක්’ එය නිර්මාණ වෙන්නේ 2013 වර්ශයේ දැන් අවුරුදු 08ක් ඇයි තවමත් පෝලිමේ තියෙන්නේ ?
ඇත්තටම මම චිත්‍රපටයේ වැඩකටයුතු අවසන් කරන්න කාලයක් ගතවුනා. ඒ එක්කම විදේශ චිත්‍රපට උළෙලවල් කිහිපයක්ම නියෝජනය කරා ඉන්පසුන දැනට චිත්‍රපටය චිත්‍රපට සංස්ථාවට ලබා දීලා තියනවා. නමුත් වෙලා තියන ප්‍රශ්නය වෙන්නේ දිගු චිත්‍රපට පෝලිමක් තියනවා ඒ එක්කම බෙදා හැරීමේ වැඩපිලිවෙලේ ගැටළුවක් තියනවා. අනික් කාරණය අපි වාණිජ සිනමාවක් නෙමෙයි කරන්නේ අපේ චිත්‍රපටවල සිංදු සහ සටන් ජවනිකා නෑ. බෙදාහැරීමේ මණ්ඩලවලදි බලන්නේ චිත්‍රපටයේ කොච්චර සිංදු තියනවද සටන් ජවනිකා තියනවාද ලමයින්ට බලන්න පුලුවන්ද කියන එක. නමුත් ඒකේ කිසි වැරද්දක් නෑ නමුත් මෙවැනි චිත්‍රපටවලට ඉස්සර රජයෙන් වෙනම ක්‍රියාමාර්ගයක් හදලා තිබුනා දැන් මේ ක්‍රියාවලිය සිදුවෙන්නේ නැති නිසා අපි මේ සිනමාවත් එක්ක කරන ගණුදෙනුවේදි අපිට අපේ සිනමාව පෙන්වීමේ ගැටළුවක් පැන නැගිලා තියනවා.
දැන් අවුරුදු 08ක කාලය තුල ඔබ මේ සඳහා මැදිහත්වීමක් කලේ නැද්ද ?
මම බෙදාහැරිමේ මණ්ඩල එක්ක සාකච්ඡා කරමින් යනවා නමුත් තියන ප්‍රශ්නය අපි හදන චිත්‍රපටි පෙන්වීමේ ගැටළුවකුත් තියනවා මොකද මිනිස්සු එවැනි චිත්‍රපටි අඩුවෙන් තමයි බලන්නෙත් එතැනදි අපිට බලන්න වෙනවා යම්කිසි චිත්‍රපටි මාධ්‍යක් එක්ක අපි කියනවා සීරියස් කරපු චිත්‍රපටි එහෙමත් නැත්නම් ලංකාවේ කතා කලයුතු විනෝදාස්වාදය නොමැති චිත්‍රපටි මිනිස්සු අතරට ගෙනයාමේ ගැටළුවක් තියනවා. ඉතිං මේ ගැටළුව පැති ගණනාවකම විහිදිලා තියන්නේ නමුත් ඇත්තටම මේක ගැඹුරු ප්‍රශ්නයක් අනිත් කාරණය මම කියන්නේ නෑ අනිත් චිත්‍රපට කතා කලයුතු නොවන චිත්‍රපටි කියලා නමුත් මෙය තේරුම් අරන් වැඩකල යුතුයි කියලයි මගේ අදහස.
ඉතිං ඔබට මෙවැනි තේමාවක් නැතිව සමාජගත කරන්න පහසු තේමාවක් තෝරාගන්න තිබුනා නේද, මෙය නේද ඔබ වරද්දගත්ත තැන ?
නැහැ, මම හිතන්නේ නෑ මට වැරදුනා කියලා මේ චිත්‍රපටයේ තියන්නේ සිංහල තරුණයන් පිරිසක් දෙමල ගැහැණියක්ව රැගෙන යනවා නිධානයක් ලබා ගැනීමට ඉතිං මම චිත්‍රපටයෙන් යොමු කරන්න අදහස් කලේ ලංකාවේ යුද්ධයෙන් පස්සේ සහ අපි ජාතින් අතර තියන අන්‍යයෝන්‍ය අවබෝදයක් නැතිකම සහ අපිට ඉවකින්ම තියනවා පොඩි වෛරී සහගත හැඟීමක් දෙමල මිනිසුන් සහ සිංහල මිනිසුන් අතර. තව මේ ගැටළුවත් එක්ක මම වැඩ කරලා තියනවා. ඉතිං මම සිනමාවට එද්දි මට සිදුවුනා ඒ කාරණය එක්ක ගණුදෙනු කරන්න. ඉතිං මම හිතන්නේ නෑ මට වැරදුනා කියලා රටේ තියන වැරැද්දකට අපිව අහුකලා වගේ තමයි මට හිතෙන්නේ.
ඔබේ චිත්‍රපටය හුදෙක් සම්මාන උළෙලවල් ඉලක්ක කරලා කරපු චිත්‍රපටක් මිස ලංකාවේ තිරගත කරන්න බලාපොරොත්තු නොවූ චිත්‍රපටයක් නෙමේය කියන චෝදනාව ඔබට එල්ල විය හැකියි නේද ?
ඕක යෝජනවාක් විදිහටත් ඇවිල්ලා තියනවා චෝදනවාක් විදිහටත් ඇවිල්ලා තියනවා. දැන් මේක ගැන කතා කලොත් මම ඔය චිත්‍රපටය කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයව සිටින කාලයේ අපි රෑගත කලෙත් එලියට වැඩිය කියන්නේ නැතිව මොකද ඒ කාලේ හැමෝම නිදන් කඩනවා මේ කාලයේ මුළු සමාජයම දරුණු මිත්‍යාවක ගිලිලා තිබුනේ මෙනන්න මේ කාරණාව මට ගොඩක් බලපෑවා මට හිතුන දේ තමයි දෙමල සමාජය විනාශ කරමින් අපි මේ හොයන්නේ නිධායක් කියන එක. නමුත් මේ චිත්‍රපටය ලංකාවේ පෙන්විය හැකි චිත්‍රපටයක් ඒක මිනිස්සුන්ගෙන් දුරස්ථ චිත්‍රපටයක් නෙමෙයි.
එහෙනම් ඔබ මේ චිත්‍රපටය කරන්නේ මේ ලංකාව ඇතුලේ චිත්‍රපට නිර්මාණකරුවෙක් විදිහට ස්ථාපිත වීමටද? නැත්නම් ඔබේ දේශපාලන මතවාදය එලියට දාන්නද
මගේ ජීවිතයේ ටයිම් ලයින් එක ගත්තොත් මම 1996 ඉඳලා මේ ක්ෂේස්ත්‍රයේ වැඩ කරනවා එතැනදි රෑපවාහිනි නිෂ්පාදකයෙක් විදිහට, නාට්‍යකරුවෙක් විදිහට, සංස්කෘතික සහ දේශපාලන ක්‍රියාකාරකයෙක් විදිහට මේ කොයිම කාලයකදි වත් මම මගේ නම කියන එක ඉස්සරහට අරන් ආපු කෙනෙක් නෙමෙයි. මේ චිත්‍රපටය වෙනුවෙන් අපිට අනිවාර්යයෙන්ම එළියට එන්න වෙනවා නැත්නම් මේක පෙන්වන්න බැහැ. ඉතිං මට පොරක් වෙනවාද කියන එක අදාල නෑ මම දිගටම වැඩ කරපු සහ වැඩ කරන කෙනෙක් විදිහට නමුත් මගේ ගමන් මගේ මූලික අරමුණක් තිබුනා චිත්‍රපටක් කරන්න ඉතිං චිත්‍රපටයක් කරාම පොරක් වෙනවාද නැද්ද කියන එක මට කරන්න දෙයක් නෑ.
ගැප් රිලීස් එකක් විදිහට අවස්ථාවක් ආවොත් බාරගැනීමට සූදානම්ද?
ගැප් රිලීස් එකක් කියන්නේ ඉතිං චිත්‍රපටයේ සියදිවි නසාගැනීම් දෙකක් නමුත් මට එවැනි අවස්ථාවක් ලැබුනොත් එය බාරගන්නවා. නමුත් මෙතැන ලොකු බලාධිකාරයක් තියනවා. අපි ස්වාධීන සිනමා එකමුතුව විදිහට මේ ගැන කතා කරලත් තියනවා.
මේ ප්‍රශ්න නිරාකරණය කරගැනීමට සාකච්ඡා නොකර ඔබ ගැප් රිලීස් එකට යන්න ඔබ සූදානම් ඇයි ?
ලංකාව කියන රට අස්සේ තියන බල තුලනයන්, දේශපාලනය කියන මේ සියල්ල වැඩකරන්නේ මිනිස්සුන්ගේ මනස සංවර්ධනය වෙන්න නෙමෙයි. නමුත් මේක සම්පූර්ණ ගේම් ප්ලෑන් එකක් ඉතිං මේකේ කලාව තමයි හොරකම.
මේ තත්ත්වය උඩ ඔබේ කලා ජීවිතයට කුමක් වෙයිද ?
ඇත්තටම මම මේ චිත්‍රපටය ලියන්න පටන් ගත්තේ 2011 වර්ශයේදී ඒ වගේම තමයි මේකට වියදම් වුන මුදලවත් හොයගන්න බැරිවෙයිද කියන ප්‍රශ්නය තුලත් මම ඉන්නවා. මේ කාරණා එක්ක මම තව චිත්‍රපටයක් කරනවාද නැද්ද කියන එකත් ලොකු ගැටළුවක් නමුත් මගේ බලාපොරොත්තුවක් තියනවා චිත්‍රපටයක් කරන්නත ඒත් දැනට මූලිකම බලාපොරොත්තුව දැනට තියන චිත්‍රපටය ප්‍රදර්ශනය කරගැනීම