එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය කේන්ද්‍ර කරගනිමින් අද (17දා) ආරම්භ වූයේ 07 වැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි. කෙසේ නමුත් අවසන් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වූයේ මීට වසර 05කට පෙර, 2016 වසරේදී ඉන්දියාවේය.
මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 16ක් තරග කිරීමට සුදුසුකම් ලබා සිටියි.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෑත කාලය පුරාව යම් අසාර්ථකත්වයක් දිගින් දිගටම පෙන්වුවද, විස්සයි20 ලෝක කුසලාන තරග බිමේ වැඩිම ජයග්‍රහණ ප්‍රතිශතයක් ඇති කණ්ඩායම ශ්‍රී ලංකාව බව දන්නවාද?.
2014 වසරේ විස්සයි20 ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකාව මේ දක්වා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිහි තරග 35කට ක්‍රීඩාකර ඇත. ඉන් තරග 12ක් පමණක් පරාජය වී ඇති ශ්‍රී ලංකාව, තරග 22කම ජය තහවුරු කරගෙන ඇත. ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ප්‍රතිශතය දැක්වෙන්නේ 64.28ක් ලෙසිනි.
මෙහි දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි. 2007 වසරේ ආරම්භ වූ පළමු විස්සයි20 ලෝක කුසලානයේ ශූරයන් වූ ඉන්දියාව, ලෝක කුසලාන තරග තරග 33කට ක්‍රීඩාකර ඇත. ඉන් ඔවුන් තරග 20ක් ජයගෙන ඇති අතර, තරග 11ක් පරාජය වී ඇත. ඒ අනුව ඉන්දියාවේ ජයග්‍රාහණ ප්‍රතිශතය දැක්වෙන්නේ 64.06ක් ලෙසිනි.
තවමත් ලෝක කුසලානයක් දිනාගැනීමට නොහැකිව සිටින කණ්ඩායමක් වන දකුණු අප්‍රිකාව, විස්සයි20 ලෝක කුසලාන තරගාවලිහි වැඩිම ජයග්‍රහණ ප්‍රතිශතයක් ඇති කණ්ඩායම්හි තෙවැනි ස්ථානයේ රැඳී සිටියි. ඔවුන් ලෝක කුසලාන තරග 30කට ක්‍රීඩාකර ඉන් තරග 18ක් ජයගෙන ඇති අතර, පරාජයන් 14ක් ලබා ඇත. දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණ ප්‍රතිශතය දැක්වෙන්නේ 60ක් ලෙසිනි.