Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද සිට

janamaga- 1-1-අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) 07 වැනි වරටත් සංවිධානය කරනු ලබන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය කේන්ද්‍ර කරගනිමින් අද (17දා) ආරම්භ වේ. කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා දක්වා දිගහැරේ.

මෙම තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූවක් වන අතර, එරට තුළ ඇති වූ කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මැද පෙරදිගට රැගෙන යාමට සිදුවිය. කෙසේ නමුත් ඉන්දියාවට තම සත්කාරක අයිතිය යටතේම තරගාවලිය පැවැත්වීමට අයි.සී.සී. අවසරය හිමිවිය.

janamaga-1-මූලික වටයේ තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේදී පැවැත්වෙන අතර, එහි සුවිශේෂත්වය වන්නේ එම රටවල් දෙක අයි.සී.සී. ප්‍රධාන තරගාවලියකට සත්කාරකත්වය ලබාදෙන පළමු අවස්ථාව මෙය වීමයි. එමෙන්ම ටෙස්ට් ක්‍රීඩා නොකරන රටක පැවැත්වෙන පළමු ක්‍රිකට් ලෝක කුසලානය තරගාවලියද මෙය වේ.

කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙහි තරග අදියර දෙකක් යටතේ පැවැත්වේ. ඉන් පළමුව කණ්ඩායම් 08ක සහභාගිත්වයෙන් සුදුසුකම් ලැබීමේ තරග වටය පැවැත්වෙන අතර, ඉන් කණ්ඩායම් 04කට ප්‍රධාන තරග වටය හෙවත් සුපිරි කණ්ඩායම් 12 (Super 12s stage) අතරට පිවිසීමට අවස්තාව හිමි වෙයි.

 janamaga-8-මෙවර තරගාවලියට කණ්ඩායම් සුදුසුකම් ලැබීමේදී ඉන්දියාව සත්කාරක රට වූ බැවින් ඔවුන් සෘජුවේම සුදුසුකම් ලැබීය. ඊට අමතරව 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට අයි.සී.සී. විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 1-10 ස්ථානයන්හි සිටි පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බ.ඉ. කොදෙව්වන්, බංග්ලාදේශ හා ශ්‍රී ලංකාවට ලෝක කුසලාන වරම් හිමි විය.

කෙසේ නමුත් ඉහත සුදුසුකම් ලැබූ රටවල් 10න් ප්‍රධාන වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි වූයේ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසු වූ 08ට (2018/12/31 වනවිට) පමණි. ඉන් සත්කාරක ඉන්දියාව ශ්‍රේණිගත කිරීම්හිද පළමු 08 අතරද සිටි හෙයින් ඔවුන් ප්‍රධාන තරග වටයටද පිවිසියේය. එමෙන්ම පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය හා බ.ඉ. කොදෙව්වන්ද පළමු 08 අතර සිටි හෙයින් ඔවුන්ද ප්‍රධාන වටයේ සිටම තරගාවලිය ආරම්භ කරනු ලබයි.

 janamaga-3-කෙසේ නමුත් සුදුසුකම් ලැබීමේ දිනය වනවිට ඇෆ්ගනිස්තානයටත් වඩා පහළ ස්ථානයක බංග්ලාදේශය (09) හා ශ්‍රී ලංකව (10) රැඳී සිටිය හෙයින්, ඔවුන් අද (17දා) ආරම්භ වන සුදුසුකම් ලැබීමේ තරග වටයේ සිට තරගාවලිය ආරම්භ කළ යුතුය. මෙම සුදුසුකම් ලැබීමේ තරග වටයද ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය ඇතුළුව කණ්ඩායම් 08ක සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර, ඉන් රටවල් 04කට ප්‍රධාන වටයට  සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවෙයි.

මෙම සුදුසුකම් ලැබීමේ තරග වටයට පිවිසෙන කණ්ඩායම් තෝරාගැනීමේ තරගාවලිය රටවල් 14ක සහභාගිත්වයෙන් පසුගිය 2019 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්විණි. එහිදී නෙදර්ලන්තය, පැපුවා නිව්ගිනියාව, අයර්ලන්තය, නැමීබියාව, ස්කොට්ලන්තය, ඕමානය, එක්සත් අරාබි එමීර්, හොංකොං, කැනඩාව, ජර්සි, කෙන්යාව, සිංගප්පූරුව, බර්මියුඩා හා නයිජීරියාව ක්‍රීඩා කළ අතර, ඉන් රටවල් 06කට අද (17දා) සිට ක්‍රියාත්මක වන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටයේ ක්‍රීඩාකිරීමට අවස්ථාව හිමිවිය.

janamaga-9-ඒ අනුව 2019 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගත් නෙදර්ලත්තය, අනුශූර පැපුවා නිව්ගිනියාව, තෙවැනි ස්ථානය දිනාගත් අයර්ලන්තය, සිව්වැනි ස්ථානය ස්ථානය දිනාගත් නැමීබියාවට මෙන්ම පස්වැනි ස්ථානය වෙනුවෙන් පැවති තරගය ජයගත් ස්කොට්ලන්තයටත්, ඉන් පරාජය වී 06 වැනි ස්ථානය හිමි වූ ඕමානයට මෙවර ලෝක කුසලාන වරම් හිමිවිය.

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඒ හා බී ලෙස කොටස් දෙකකින් පැවැත්වේ. එහි ඒ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, නැමීබියාව, අයර්ලන්තය හා නෙදර්ලන්තය ක්‍රීඩාකරයි. බී කාණ්ඩයට ඕමානය, පැපුවා නිව්ගිනියාව, බංග්ලාදේශය හා ස්කොට්ලන්තය ඇතුළත් වෙයි. එම කණ්ඩායම් අතර තරග අද (17දා) සිට 22 වැනිදා දක්වා සෑම දිනකම ඕමානයේදී හා එක්සත් අරාබියේදී පැවැත්වේ. ඉන් රටවල් 04ක් සුපිරි 12 අතරට එක්වේ.

janamaga-5-ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ඕමානය – පැපුවා නිව්ගිනියා අතර අද ප.ව. 3.30ට පැවැත්වෙන අතර, ඉන් අනතුරුව බංග්ලාදේශය – ස්කොට්ලන්තය අතර තරගය ප.ව. 7.30ට ආරම්භ වේ. මෙම තරග දෙකම ඕමානයේ අල් අමේරත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන බී කාණ්ඩයේ තරග හෙට (18දා) අඩුඩාබිහිදී පැවැත්වේ. එහිදී අයර්ලන්තය හා නෙදර්ලන්තය අතර තරගය ප.ව. 3.30ටද, ශ්‍රී ලංකාව හා නැමීබියාවට අතර තරගය ප.ව. 7.30ට පැවැත්වේ.

janamaga-10-

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img