Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශ යෞවනයන්ට ලකුණු 229ක ඉලක්කයක්

janamaga-Pawan-L-and-Sadisha-බංග්ලාදේශ වයස 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් අද (15දා) පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම, පන්දුවාර 50 තුළදී කඩුලු 09ක් දැවී ලකුණු 228ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා ලකුණු 229ක ඉලක්කයක් හිමිවිය.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්වෙන අතර, එහිදී මහනුවර ත්‍රිත්ව විද්‍යලීය ක්‍රීඩකයෙකු වන පවන් පතිරාජ පන්දු 88කට මුහුණදෙමින් ලකුණු 67ක් රැස්කිරීමට සමත් විය. පන්දු 88කදි ගොඩනැගුණු පවන්ගේ ඉනිමට හතරේ පහර 05ක් ඇතුළත් විය.

මීට අමතරව උපනායක, කොළඹ නාලන්දා විද්‍යාලයේ රවීන් ද සිල්වා ලකුණු 29ක්ද, කොළඹ රාජකීය විද්‍යාලයේ සදිෂ රාජපක්‍ෂ ලකුණු 28ක්ද, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ යසිරු රොද්‍රිගෝ නොදැවී ලකුණු 25ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූහ.

මෙහිදී බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්‍ෂතා දැක් වූ රිපොන් මොන්ඩල් සිය පන්දුවාර 10 තුළදී ලකුණු 59කට කඩුලු 03ක් දවාගැනීමට සමත් විය. ඔහුට අමතරව අෂිකුර් සමාන් (2/43) කඩුලු 02ක් දවාගත්තේය.

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට එක්දින තරග 05ක් ඇතුළත් වෙයි. මෙම තරගාවලිය මීට පෙර මෙරට තුළ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත් වූ පරිදිම ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ පැවැත්වේ. ඉදිරියේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් තරගාවලියක් ලෙස සැලකෙයි.

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන, ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන මහතා ඉදිරියේදී ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායමේද උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත.

එමෙන්ම 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් අවිශ්ක ගුණවර්ධන, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන, දඟපන්දු පුහුණුකරු ලෙස සචිත් පතිරණ, වේගපන්දු පුහුණුකරු ලෙස චමිල ගමගේ හා පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන යන මහත්වරුන් කටයුතු කරයි.

ඔවුන්ට අමතරව ප්‍රියන්ත වික්‍රමසිංහ (භෞත චිකිත්සක) සහ බුද්ධික හේරත් (අභාසක පුහුණුකරු) යන අයද යොවුන් සංචිතය සමඟ එක්ව සිටියි.janamaga- Golam-Kibria-C-

(ඡායාරූප අනුග්‍රය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය)

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img