Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

සජිත් පඹයෙක් උනාට මම පඹයෙක් නෙමෙයි

ඇත්තටම මට හරි පුදුමයි අපේ සමගි ජනබලවේගයේ මහලේකම්තුමා ගැන. මට මාධ්‍යයෙන් කතා කරලා අහනවා ඔබතුමීට මොකක්ද කියන්න තියන්නේ මේ ගැන මම ඇහුවා මොකක් ගැනද කියලා මට කියනවා සජබේ මහලේකම්තුමා අපිට කතා කරලා කියනවා ඔබතුමි පක්ෂෙන් නෙරපලා කියලා. මම කියුවා එහෙම දෙයක් මම දැන්නේ දැනුයි කියලා. ඇත්ත වශයෙන්ම ලැජ්ජයි මහලේකම්තුමා හැටියට ඔය සජබේ මොකද මං ගැන තීන්තු තීරණයක් ගන්නවානම් මම දැනුවත් වෙලා නැතිව මාධ්‍ය ඒගැන දැනුවත් කරන එක ගැන.

මට මහලේකම්තුමාට මතක්කරලා දෙන්න ඕන දෙයක් තියනවා. මේ පක්ෂයේ කී දෙනෙක් මේ තීරණය ගැන දන්නවාද කියලා. මම අද උදේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමහරක් අයට කතාකරලා අහද්දි එයාලා දන්නෙත් නෑ නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තීරණයක් අරන් තියනවාලු මාව නෙරපන්න මේ පක්ෂයෙන්.

ඇත්තට ලැජ්ජයි ! බබලා වගේ හැසිරෙන්නේ. මම කියන්න කැමතියි මේ පක්ෂය මගෙත් මගේ මහත්තයාගෙත්. මේක ගැන මට උදාහරණයක් විදියට කියුවොත් මහ වැස්සක් අතරතුර නන්නත්තාර වෙලා හිටපු කොටසකට මගේ ගෙදර මම ඉඩ දෙනවා ඇවිත් ඉන්න එහෙම කොටසක් මම එලියට ගිය වෙලාවට මගේ ගෙදර යතුරු මාරුකරලා ඒ ගොල්ලන්ගේ ගෙදර කියනවා දැන් හැබැයි එයාලට මතක් කරලා දෙන්න කැමතියි මේකේ ඔප්පුව තියන්නේ මං ගාව අන්න ඒක හොඳට මතක තියාගන්න.

ඔබතුමාලගේ සජබේ පක්ෂය ඇතුලේ ඇති වෙන්න ප්‍රශ්න තියනවා මේවා කෑලි කැඩිලා අද ඔබතුමාලගේ පක්ෂේ සමහරු නායකයාට කිසිම වැඩපිලිවෙලක් නෑ කියලා කියලා කියනවා අපි ඇහුවා. මේ පක්ෂේ අද ඕන ඕන විදිහට ඕන ඕන අය කතා කරනවා, සේනාංක හදාගෙන තියනවා. මෙතන ඉන්න භාගෙට භාගයක් ලිස්ට් එකෙන් ඇවිත් තියන්නේ අපේ ජාතික පක්ෂය, ටෙලිෆෝනය මගෙන් මෙගොල්ලන්ට ලැබුණු හින්දා. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා නාමයෝජනා නොදෙනකොට මෙතන ඉන්න ගොඩක් අයට නාමයෝජනා ලැබෙන්නේ නෑ එහෙනම් එයාලා මෙතන වාඩිවෙලා ඉන්නේ නෑ. ඒ හින්දා මේ විහිළු කරුණාකරලා සපයන්න එපා

මම පඹයෙක් නෙමේ සමගි ජනබලවේගයේ මම අදටත් සාමාජිකාවක්, මම යාවජීව සාමාජිකාවක් මේ පක්ෂය අයිති. අනික විපක්ෂනායකතුමාගේ පවුලේ වත් අනිත් අය වගේ මාව පඹයෙක් වගේ නටවන්න ලෑස්තිවෙන්න එපා මොකද මම පඹයෙක් වගේ හැසිරෙන්නේ නෑ.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img