Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

සත්කාරක ඕමානය පළමු සටන ජයගනියි

 janamaga-oman-විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (17දා) පැවැති පළමු තරගයෙන් පැපුවා නිව්ගිනියාව පරාජය කර කඩුලු 10ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක ඕමාන කණ්ඩායම සමත් විය.

ඕමානයේ අල් අමේරට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ඕමානය තීරණය කළ අතර, ඒ අනුව පන්දුවට පහරදුන් පැපුවා නිව්ගිනියාව පන්දුවාර 20 තුළදී කඩුලු 09ක් දැවී ලකුණු 129ක් රැස් රැස්කිරීමට සමත් විය.

මෙහිදී නිව්ගිනියා ඉනිමේ පළමු කඩුලු දෙක ඉනිමට එකඳු ලකුණක් හෝ එක්වීමට පෙර බිඳවැටුණද, නායක අසාද් වාලා හා චාලස් අමිනි කණ්ඩායම විශිෂ්ට තත්ත්වයට රැගෙන ගියහ.

ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට ලකුණු 81ක සබඳතාවක් පැවැත් වූ අතර, එහිදී වාලා පන්දු 43කට මුහුණදෙමින් ලකුණු 56ක් ලබා ගත්තේය. එම ඉනිමට අලංකාර හයේ පහර 03ක් හා හතරේ පහර 04ක් ඇතුළත් විය. මීට අමතරව චාලස් අමිනි හයේ පහරක් හා හතරේ පහර 04ක් සමගින් ලකුණු 37ක් රැස්කළේය.

මෙහිදී අමිනි කලබලකාරී දුවද්දී දැවීයාමට හසුවූ අතර, ඉන් අනතුරුව වාලාද දැවිගිය පසු වෙනත් කිසිඳු පිතිකරුවෙකුට නිව්ගිනියා ඉනිම තරගකාරී ලකුණු පුවරුවක් කරා රැගෙන යාමට නොහැකි විය. ඕමානය වෙනුවෙන් නායක සීශාන් මක්සූඩ් ලකුණු 20කට කඩුලු 04ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානය පන්දුවාර 13.4ක් තුළ කිසිවක් නොදැවී සිය ජයග්‍රහණය තහවුරු කරගත්තේය. ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගිය ජටින්දර් සිං ලකුණු 73ක් රැස්කළ අතර, පන්දු 42කින් ගොඩනැගුණු එම ඉනිමට දැවැන්ත හයේ පහර 04ක් හා හතරේ පහර 07ක් ඇතුළත් විය.

මීට අමතරව අකිබ් ඉල්යාස් පන්දු 43කට මුහුණදෙමින් ලකුණු 50ක් රැස්කළ අතර, ඔහුගේ ඉනිමටද හයේ පහරක් හා හතරේ පහර 05ක් ඇතුළත් විය. තරගයේ වීරයා ලෙස පන්දු යැවීමෙන් දක්‍ෂතා දැක්වූ සීශාන් මක්සූඩ් සම්මාන දිනාගත්තේය.

කෙසේ නමුත් මෙම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා රටවල් 14ක සහභාගිත්වයෙන් පසුගිය 2019 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවති තරගාවලියේ අනුශූරතාව දිනාගැනීමට සමත් වූයේ පැපුවා නිව්ගිනියා (නෙදර්ලන්තය ඉදිරියේ පරාජය වෙමින්) කණ්ඩායමයි.

එහිදී ඕමානයට තරගාවලියේ හිමි වූයේ 06 වැනි ස්ථානය වන අතර, එය සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ කණ්ඩායම් අතර අවසන් ස්ථානය (06) වෙයි.

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img