ගාල්ල හෝළුවාගොඩ ප්‍රදේශයේ දියදම් උයනේහි විදේශිය රටවල බොහෝ ප්‍රචලිතව පවතින සෝජාන් ක්‍රමයට එළවළු වගා කිරිමේ ස්ථානයක් නාගරික සංවර්ධන අධිකාරියේ මෙහයවීමෙන් ආරම්භ කර තිබේ.
මෙම ස්ථානයේ දී ඇළ ප්‍රදේශයක දෙපසින් එළවළු වගා කර බෝට්ටු මගින් එළවළු එකතු කිරීමෙන් පසු ආසන්නයේ ඉදි කරනු එළවළු විකිණිමේ මධ්‍යස්ථාන මගීන් එළවලු අලෙවි කිරීමටද අපේක්ෂා කරන අතර, මෙම ව්‍යාපෘතිය කෘෂිකාර්මාන්තය හා සංචාරක කර්මාන්තය එකාබද්ධ කිරීමේ වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක වේ.