Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

සෞඛ්‍ය ආයතන වල වාහන භාවිතාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට පළමු වරට නව පරිගණක ගත වැඩපිළිවෙළක්

janamaga-sri-lanka-ambulanceඅපේ රටේ රාජ්‍ය ආයතන වල මාසිකව හෝ වාර්‍රෂිකව වෙන් කරනු ලබන පිරිවැයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වැයකරන්නේ වාහන, ඉන්ධන ,හදිසි අනතුරු සහ නඩත්තු කටයුතු සඳහාය. මෙහිදී විශේෂයෙන්ම වාහන නඩත්තු කිරීම් හා අනතුරුවලට ලක්වන වාහන නැවත ප්‍රතිසංස්කරණය කටයුතු සඳහා නිසි සැලසුම් සහගත වැඩපිළිවෙළක් නොමැති වීම නිසා රාජ්‍ය ආයතන සඳහා වෙන්කර ඇති වාහන වලින් සැලකිය යුතු ප්‍රමාණයක් භාවිතයට නොගෙන දිරාපත් වන තත්ත්වයක් උදා වී ඇත. එසේම වාහන වල ඇති විය හැකි අනතුරු සහ නඩත්තු සම්බන්ධයෙන් කල් තියා දැන ගැනීමේ හෝ සැලසුම් සහගත ක්‍රමවේදයක් නොමැතිවීම නිසා විශාල මුදලක් වැය බව බොහෝ අවස්ථාවන් වලදී  රාජ්‍ය ආයතන අසල නවතා තිබෙන විශාල වූ වාහන සංඛ්‍යාවෙන් පැහැදිලි වෙයි. මේ තත්ත්වය සෞඛ්‍ය අංශ තුළ ද අඩු වැඩි වශයෙන් පවතින අතර විශේෂයෙන්ම දිවයිනේ බොහෝ සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාල වලට අයත් ගිලන්රථ සහ කැබ් රථ විශාල ප්‍රමාණයක් භාවිතයට නොගෙන ආයතන පරිශ්‍රයන්හි දිරාපත් වෙමින් පවතින බව බොහෝවිට දක්නට ලැබේ. 

මේ තත්ත්වය පාලනය ගැන අවධානය යොමු කළ  කිරීම අවධානය යොමු කළ හම්බන්තොට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , රෝහල් පරිපාලනය පිළිබඳව ලේඛකාධිකාරී වෛද්‍ය ජි ජී චමල් සංජීව  මහතා වාහන භාවිතාව කළමනාකරණය,  හදිසි අනතුරු සහ අනතුරු කල්තියා හඳුනා ගැනීමත් ඒවා වළක්වා ගැනීම සඳහා මාර්ගෝපදේශක ග්‍රන්ථයක් සහ පරිගණකගත පද්ධතියක් Fleet Management Information System හඳුන්වා දීමට සමත්ව ඇත.

මෙම පරිගණක ගත පද්ධතිය දැනට හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙත ලබාදී ඇති අතර මෙම පද්ධතිය හදුන්වා දීමට පෙර සාමාන්‍යයෙන් වාහන කළමනාකරණය සහ මූල්‍ය කටයුතු සඳහා අවම වශයෙන් සති 3ත්  මාස 3 ක් අතර කාලයක් ගත වී ඇති අතර මෙම නව පද්ධතිය සක්‍රීය ලෙස ක්‍රියාත්මක කරවා ගැනීමට ආයතනය කාර්ය මණ්ඩලය උත්සාහ ගන්නේනම් මෙම කාලය සති දෙකකට අඩු කාල සීමාවක් දක්වා කාර්යාල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතුවක් වන බව මෙම වැඩසටහනේ නියමුවා ලෙස කටයුතු කරන හම්බන්තොට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. මෙම මාර්ග උපදේශක යෝජනාවලිය දැනටමත් හම්බන්තොට සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දී ඇත.

මෙම වැඩ වැඩසටහන් හඳුන්වා දීමට පෙර ආයතනයේ බොහෝ කටයුතු ලිපි ලිවීම  මගින් සිදු වූ අතර මෙම  නව පරිගණක පද්ධතිය ආයතනයේ කාර්ය මණ්ඩලය හා රියදුරන් නිසි පරිදි  භාවිතා කරන්නේ නම් ඉතා අඩු කාලයකදී වාහන කළමනාකරණ කටයුතුද  වාහන වල පවතින භාණ්ඩ ලේඛනය ඇතුළු සියල්ල පරිගණක ගත කිරීමෙන් මූල්‍ය සහ පරිපාලනමය ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව හෙළිවෙයි.janamaga-sri-lanka-ambulance

බොහෝ රාජ්‍ය ආයතන  පරිගණකගත ක්‍රමවේදයන් හඳුන්වාදීමට උත්සාහ දරන නමුත් මෙම නව ක්‍රමවේදයන් ට අනුගතව කටයුතු කිරීමට කාර්ය මණ්ඩල තුළ අකැමැත්ත හා බිය නිසා වඩා සාර්ථක හා කාර්යක්ෂමව පරිගණකගත පද්ධතීන් හඳුන්වාදීමේ දී විවිධ බාධාවන් ඉස් මතුවන බවද පෙනී යයි.  කෙසේවත් හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වාහන භාවිතාව සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීම සඳහා වැඩසටහන් ගණනාවක් ද විශේෂයෙන් රියදුරන් සඳහා මාර්ගෝපදේශක ග්‍රන්ථයක්ද නව පරිගණක පද්ධතිය සමග ලබාදීමට වෛද්‍ය චමල් සංජීව මහතා කටයුතු කර ඇත.

නූතන ලෝකය තුල තින්දු තීරණ ගැනීමේදී තොරතුරු මත පදනම්ව  නිගමනයන්  ලබා ගන්නා හෙයින් ආයතනයක ආයතන ප්‍රධානීන් හා මූල්‍ය කටයුතු පාලනය කරන ගණකාධිකාරිවරුන් පසුගිය මාසයේ ලබාගන්නා දත්ත මත පදනම්ව ඉදිරි කාල සීමාව සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීමේ දී ද ඉදිරි වසර සඳහා සැලසුම් සකස් කිරීමේදී ද මෙම නව පරිගණක පද්ධතිය මහෝපකාරී වන බව පෙනේ.

වහාහනයක් රාජ්‍ය  ආයතනයක් වෙත පැමිණි අවස්ථාවේ පටන් එම වාහනය භාවිතයෙන් ඉවත් වන තුරු පූර්ණ කාල සීමාව මුළුල්ලේම එම වාහනය රැකබලා ගැනීම සඳහා නිසි ආවේක්ෂණ වැඩපිළිවෙළක් තිබීම ඉතා වැදගත් වන නමුත් එවැනි වැඩපිළිවෙළක් නොමැති වීම නිසා වාර්ෂිකව රටට රාජ්‍ය ආයතනවලින් වන මුදල් අවභාවිතා ප්‍රමාණය රුපියල් මිලියන කරන වන අතර මීට පෙර මොරටුව විශ්වවිද්‍යාලය ආශ්‍රිතව සිදුකළ පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ රාජ්‍ය ආයතනවල වාහන ආයු කාලය වසර  පහක කාල සීමාව ඉක්මවා දිගින් දිගටම නඩත්තු කරන විට විශාල මුදලක් යොදා ගනිමින් භාවිතා කිරීම සුදුවන බවත් ඒ වෙනුවට වාහන භාවිතාව සම්බන්ධ නිසි සැලැස්මක් සකස් කොට එම වාහන මුල් අවස්ථාවේදීම අනතුරු නඩත්තු කඳු හඳුනාගැනීම සඳහා රාජ්‍ය මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට අවස්ථාවක් ලැබෙන බවයි.

නව වැඩපිළිවෙළ යටතේ තම  ආයතනයේ රියදුරන්ගේ කාර්යක්ෂමතාවත් ආයතනයේ කාර්යක්ෂමතාව, මූල්‍ය හා කාර්යක්ෂමතාව, සහ කාර්යාල වැඩකටයුතුවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට උපකාරීවන බවත්  එම වැඩසටහනට වඩාත් නව්‍යාංග එකතු කරමින් කාර්ය මණ්ඩලයට හා රියදුරන්ට වඩාත් පහසු දායක ලෙස දියුණු කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දීපිකා පටබැදිගේ මහත්මිය අදහස් දක්වා ඇති අතර ව්‍යාපෘතිව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හිටපු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමිය ස්තූතිය පළකර ඇත.janamaga-chamal-sanjeewa

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img