1872 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද මුල්ම තැපැල් කාර්යාල 5න් එකක් ලෙස ගාල්ලේ පිහිටි මෙම තැපැල් කන්තෝරුව හැදින්විය හැකිය.
දැනට නාගරික සංවර්ධන අධිකාරියේ භෞතික දේපළ හිමිකමක්ව පවතින මෙම තැපැල් කාර්යාලය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා ගාලු උරුමය පදනමේ අධීක්ෂණය යටතේ පවතී.
මෙය ප්‍රතිසංස්කරණය කර ආදර්ශ තැපැල් කාර්යාලයක්, තැපැල් කෞතුකාගාරයක් හා සංචාරක නවාතැන් පහසුකම් සහිත ආපන ශාලාවක් සහිතව සංරක්ෂණය කිරීමට අපේක්ෂා කරයි.