Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

හිඟයත් සමග ඉදිරියේදි සහල් මිල වැඩි වෙනවා

janamaga-suraaj-jayawikramaඉදිරියේදි සහල් මිල අසාමාන්‍ය ආකාරයෙන් ඉහල යා හැකි බව ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය අද (17) කැඳවු මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියි.

ඔවුන් සඳහන් කරනුයේ ඉදිරියේදි සහල් කිලෝ ග්‍රෑම් 1ක මිල රු. 25/-ත් 50/-ත් අතර මිලකින් ඉහල යා හැකි බවත් රජය මේ සඳහා වහා මැදිහත් වී පාලන මිලක් යටතේ සහල් අලෙවිය සඳහා සීමා පැනවිය යුතු බවත්ය. එමෙන්ම පොහොර අර්බුදය හමුවේ ඉදිරියේ කන්නයේදී සියයට 50කින් පමන අස්වැන්නේ අඩුවක් නිර්මාණය වන අතර එමගින් සහල් හිඟයක්ද රට තුල නිර්මාණය විය හැකිබවත් එම සංගමය සඳහන් කරයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම,

“මේ වන විට  මහා පරිමාණ සහල් මෝල් හිමියන් වැඩී වැඩි මිලට ගනිමින් ඉන්නවා මේ සමග සහල් මිල ද දිනෙන් දින ඉහල යමින් පවතිනවා. මේ වන විට ආණ්ඩුව සහල් පාලන මිලෙන් ඉවත්වෙලා සති දෙකක් වෙනවා මේ කාලය තුළ පමණක් සෑම සහල් කිලෝවක්ම රුපියල් 10-15/- අතර ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා තිබෙනවා. මේ මේ හේතුවෙන් පාරිභෝගිකයන් ඉතා අසීරුතාවට පත්ව සිටිනවා. පොළොන්නරුවේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් ප්‍රකාශ කළා සහල් පැකට්ටු වල තිබෙන මිලට වඩා ගන්න එපා කියලා. නමුත් දැන් වෙළඳපොලේ හාල් මිල හිතු හිතූ පරිදි  අලෙවි  වෙනවා. අපි අහන්නේ මේකේ වගකීම් ගන්නේ වෙළෙඳ ඇමැති ද රජය ද කියන එක.

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img