ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිඩක ඩියාගෝ මැරඩෝනාගේ සොයුරු හියුගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී ඇත. ඒ් හදිසියේ ඇතිවූ හෘදයාබාධයකිනි. මැරඩෝනා මෙන්ම හිටපු පාපන්දු ක්‍රීඩකයෙකු වූ හියුගෝ මියයන විට 52 හැවිරිදි වියේ පසුවිය. ඔහු මියයන විට ඉතාලියේ පදිංචිව සිටියේය.
මැරඩෝනා මෙන්ම වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු වූ ඔහු මැදපෙළ ක්‍රීඩකයෙකු ලෙසින් ආර්ජන්ටිනා 16 න් පහළ කණ්ඩායම නියෝජනය කලේය. කෙසේ වෙතත් ජාතික කණ්ඩායම නියෝජනයට ඔහු අසමත් වූ අතර ක්‍රීීඩා සමාජ මට්ටමින් හෙතෙම දක්ෂතා දැක්වීය.
කෙසේ වෙතත් හියුගෝගේ සොයුරු ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනාද පසුගිය (2020) වර්ෂයේ නොවැම්බර් මසදී සිය ජීවිතයට සමුදුන්නේ හදිසියේම ඇතිවූ හෘදයාබාධයකිනි. මැරඩෝනා සැලකෙන්නේ මෙතෙක් ලොව පහළ වූ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසිනි.
ඩියාගෝ (වමේ) හා හියුගෝ