මෝදුවෙමින් පවතින මල් කැකුළු විකසිත වී දසත සුවඳ විහිඳුවන තෙක් අපි මහත් ආසාවෙන් බලා සිටිමු. දේශයක අනාගත යුග මෙහෙවර බාරගත යුතු වර්තමාන ළමා සහ තරුණ පරපුර මේ මල් කැකුළු බඳුය. මොවුන් රැකබලා ගෙන හෙට ලොව ඔවුන්ට පවරා දීම වැඩිහිටි සමාජයේ යුතුකම සහ වගකීම වන්නේය. එහෙත් චිරාත් කාලයක් පැවති දේශීය අනන්‍යතාවය, සංස්කෘතිය ක්‍රමයෙන් සෝදාපාළුවට ලක්වෙද්දී තරුණ පරපුරේ හෙට දවසද පරිහානියටලක් කිරීම කණගාටුදායකය.
වඩාත් අමිහිරිජනක සහ අප්‍රසන්නම සිදුවීම වැඩිහිටියන් විසින් ළමයින් සහ තරුණ කොටස් ලිංගික අපචාර ක්‍රියාවන්ට යොදා ගැනීම හෙවත් ලිංගික අපයෝජනයයි. ලිංගික අපයෝජන ක්‍රියාවන් දිනෙන් දින ඉහළ යන බවක් පෙනෙන්නට තිබෙයි පොලිස් වාර්ථාවන්ට අනුව පසුගිය වසරේ දී වාර්තා වූ ලිංගික අපචාර ක්‍රියා සංඛ්‍යාව මේ වසරේ පළමු හය මස තුළදීම වාර්තා වීම මෙහි බරපතල ව්‍යවසන පෙන්නුම් කරන්නකි.
යම් ක්‍රියාවක් නිසා හෝ නොසැලිකිල්ලක් නිසා හෝළමයාගේ දෙමාපියන්, භාරකරුවන් හෝ වෙනත් පුද්ගලයෙකු නිසා ළමයෙකුට හිංසාවක් හෝ අනාගත පැවැත්මට බලපෑමක් ඇති විය හැකි ක්‍රියාවක් ළමයින් අපචාරයන්ට ගොදුරු වීමක් ලෙස හැඳින්විය හැකිය. මේ අනුව ලිංගිකව අපචාරයන්ට ලක්වීම මෙන්ම වෙනත් කායික සහ මානසික පීඩාවන්ට ඉල්කක වීම ද මීට ඇතුළත් වෙයි.
ලිංගික ක්‍රියාවන්හි නිරත වීම මෙන්ම, විවිධ පීඩා සිදුකිරීම, ඒ සඳහා ආරාධනා කිරීම ද අපයෝජනයකි. මෙවැනි ක්‍රියාවන්ට ළමයින් ගොදුරු වීම මගින් ඔවුන්ගේ සමාජ, ආර්ථික සහ සංස්කෘතික පසුබිම පුපුරා ඉරිතලයි මෙම මානසික බිඳවැටීම පසුකාලීනව දරුණු ප්‍රතිඵල ඇති කරයි සමාජ පද්ධතියට වෛර කරන පුද්ගලයින් බිහිවන අතර, ඔවුන් වැඩිහිටියන් බවට පත් වූ දින තම මානසික පරාජයන් ඊළඟ තරුණ පරපුරෙන් පිරිමසා ගැනීමට පෙළඹෙයි. මෑතක දී සිදු කරනු ලැබූ සමීක්ෂණයකට අනුව ලිංගික අපචාර ක්‍රියා සිදුකරන්නන්ගෙන් වැඩි සංඛ්‍යාවක් අතීතයේ දී එවැනි ක්‍රියාවන්ට ගොදුරුවූවන් බව සනාථ වී ඇත.
ප්‍රථම වරට ලිංගික අතවරයකට ලක්වීම දරුගත නොහැකි සිදුවීමක් වුවද වරක් මෙවැනි ක්‍රියාවකටය ගොදුරු වූ පසු නැවත නැවත අපචාරයන්ට නිරාවරණය වන විට මුල් අවස්ථාවේ දී පැවැති අසාමාන්‍යතාව ඔවුන් වෙතින් පළායෑම නිසා වැටුණු වලේ දවල් කාලයේත් වැටීමට බිය නොවෙති. ළමා අපයෝජනය සම්බන්ධව විෂම චක්‍රයක් ක්‍රියාත්මක වන බව පැහැදිලිය අනාගතයේ දී අපචාර ක්‍රියාවන්ට නැඹුරු වනසහ ගොදුරු වන සංඛ්‍යාව අඩු කිරීම සඳහා අද අදම ක්‍රියාකාරී වීම අවශ්‍ය වන්නේ එහෙයිනි.
පුවත්පත් වාර්තාවන් නිරීක්ෂණය කිරීමේ දී ලිංගික අපයෝජනයන්ට වැඩි වශයෙන් කාන්තාවන් ඉලක්ක වන බව පෙනී ගිය ද, ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල පිරිමි ළමයින් සහ තරුණයින් බහුල ලෙස අපයෝජනයට යොදාගන්නා බව පෙනී ගොස් තිබේ. මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයකට අනුව උසස් පෙළ හා බාහිර උපාධි අධ්‍යාපනය ලබන පිරිමි ළමයින්ගෙන් සියයට විස්සක් පමණද ගැහැණු ළමයින්ගෙන් සියයට පහක පමණ ද අතවරයන්ට ලක්ව ඇති බව හෙළි වෙයි.
ආසියාතික රට වල කාන්තාවන්ට කුඩා අවධියේ සිටම දැඩි රැකවරණයක් ලබා දීමත් ඔවුන්ගේ පවතින සමාජ, ආර්ථීක, සංස්කෘතික පදනම ගොඩ නගන ප්‍රධානතම පවුර වීමත් මෙයට මූලික වෙයි. තමා විසින්ම සලසා ගන්නා ස්වයං ආරක්ෂණයක් තරුණයින් සතු වන අතර, යොවුන් විය එළඹිය ද සමවයසේ තරුණයින් සමග පවා ලිංගික ක්‍රියාවන්ට පෙළඹීමේ අඩුවක් පෙන්වයි. ගැහැණු ළමුන් සම්බන්ධව පවතින තත්ත්වය මීට වඩා වෙනස්ය. පතිවත රැකගැනීම වැනි බැරෑරුම් අභියෝග ඔවුන් සතු නොවීම නිසා එවැනි සිද්ධීන් ප්‍රසිද්ධියට පත් නොවෙයි.
යොවුන් තරුණ තරුණයින් පමණක් නොව ඉතාම කුඩා දරුවන්, බිළින්දන් පවා ලිංගික ක්‍රියාවන්ට යොදා ගන්නා බව වාර්තා වෙයි. සම වයසේ පුද්ගලයින් මගින් තම හැඟීම් සන්තර්පනයට අවකාශයක් නොලද විට මෙවැනි ක්‍රියාවන්ට නැඹුරු වීම සිදුවේ.
ලිංගික අපයෝජනයන් සිදුවනුයේ පුරුෂ පක්ෂය මගින් පමණක් නොවන බවද අනාවරණය වී පවතින සත්‍යයකි. ඔවුන් සම ලිංගික ක්‍රියා මගින් අපචාරයට ලක්වන අතර විවාහක, අවිවාහක හෝ වැන්දඹු කාන්තාවන් වෙතින්ද ඊට සමාන ප්‍රතිශතයක් අතවරයන්ට ලක්වන බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.
දූෂණයට ලක්වූ පිරිමි ළමුන් වැඩි ප්‍රමානයක් සමාජය තුළ සැරිසැරීම අනාගතයේ දී ළමා අපයෝජකයින් සංඛ්‍යාව ඉහළ නැංවීමට සෘජුවම බලපාන කරුණකි.
පොලිස් වාර්තා සහ වෙනත් සමීක්ෂණ වාර්තා විශ්ලේෂණයේ දී පෙනී යන සත්‍යයක් නම් ලිංගික අපයෝජනයන් සිදුකරනුයේ නන්නාඳුනන ආගන්තුකයන් නොව තම අවට පරිසරයේම සිටින මෙවැනි ක්‍රියාවන්ට පෙළඹෙතැයි කිසිවිටෙක නොසිතන හිතවතුන් විසින්මය. විදුහල්පතිවරුන්, ගුරුවරුන්, මව, පියා, වැඩිමහල් සොහොයුරා, මස්සිනා මෙන්ම පුංචි අම්මා, නැන්දා වැනි ඥාතීන්ද මේ අතර සිටින බව ප්‍රකට වෙයි. මෙය හදිස්සියේ ඉස්මතු වූවක්නොව කලක් පුරාසිදුවෙමින් පැවැති සමාජ පෙරළියක තවත් අනිටු ප්රතිඵලයකි. එසේම මේ සිදුවීම අප වහාම වටහා ගත යුතු වන සමාජ යථාර්තයකි.
කුඩා ළමයින් රැකවරණය සැලසීම සඳහා ඔවුන් අසල රඳවායන පුද්ගලයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය.
වැඩිහිටි පුද්ගලයන්ට තම අවශ්‍යතා සඳහා තරුණ තරුණියන්ට වඩා පහසුවෙන් කුඩා දරුවන් නම්‍යශීලී කරගත හැකිය. ලාංකික සමාජය තුළ පවතින වැඩිහිටි බසට අවනත විය යුතුයි යන සංකල්පය ද මෙයට උපකාරී වී ඇත. මේ ප්රකාශනය දඩමීමා කොට පාසල් ප්‍රධානීන්, වැඩිහිටියන්, කුඩා දරුවන් තමන් වෙත කැඳවා ගනියි. ඔවුන්ගේ ඉල්ලීම් වල යහපත් අයහපත් ස්වභාවය අනුව ක්‍රියා කිරීමට දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුතුය.
කුඩා දරුවන් අපයෝජන ක්‍රියාවන්ට යොදා ගැනීම අසීමාන්තික ලෙස ඉහළ යෑමට බලපාන ලද හේතු කිහිපයක් පසුබිමේ පවතියි. අතිශය පුද්ගලික ජීවිතයට අයත් සිදුවීම් රැගත් රූපවාහිනී සහ වීඩියෝ වෘත්තාන්ත, නිරුවත් සහ අඩ නිරුවතින් දර්ශන රැගත් චිත්‍රපට විශේෂයෙන් “වැඩිහිටියන්ට පමණයි” ලේබලය යටතේ එන සහ හින්දි චිත්‍රපට ප්‍රදර්ශනය ඉහළ යෑම ප්රබලතම හේතු සාධකයක් බව අවධාරණය කළ යුතුයි. මුදල් ඉපයීමේ පටු චේතනාව පෙරටු කර එන මෙවැනි අවර ගණයේ චිත්‍රපට ළමා, තරුණ සහ මහලූ සිත් දැඩි ලෙස විකෘතියට ලක් කරයි.
ශ්‍රී ලංකාව තූළ ලියාපදිංචි වැඩිහිටි පුවත්පත් සංඛ්‍යාව ද ඉතාමත් විශාල ය. මෙම පුවත්පත් වල ප්‍රමිතියන් පරීක්ෂාවක් සිදු නොවන අතර, පහසු මිලකට ඕනෑම කෙනෙකුට ලබාගැනීමට හැකිය. මීට අමතරව ප්‍රධාන පුවත්පත් වලද වක්‍රාකාරයෙන් පළ කරන ඇතැම් දර්ශන ද විශේෂ අවධානයට ලක් කළ යුතුය.
මෙවැනි චිත්‍රපට, රූපවාහිනී දර්ශන සහ අසත්‍ය පොත්පත් අසීමාන්තික ලෙස තරුණ පරපුර හා වැඩිහිටියන්ට වෙත ගමන් කිරීම නිසා එම දර්ශන ප්‍රායෝගිකව අත්හදා බැලීම් වලට පෙළඹීම, හැඟීම් නිරන්තර උත්තේජනය නිසා ළමා අපචාර ක්‍රියා ඉහළ යෑම රටට අහිතකර ලෙස සිදුවෙමින් පවතියි.
ළමා අපචාර ක්‍රියා වැළැක්වීමේ සැබෑ අවශ්‍යතාවක් පවතින්නේ නම් කළ යුතු යෝග්‍යතම විසඳුම ඉතා පැහැදිලිය. ඒ සඳහා කළ යුතු පිළියම් තවදුරටත් ප්‍රමාද කිරීම රටේ අනාගතය, සංවර්ධන ක්‍රියාවලිය සංස්කෘතිකය සහ සභ්‍යත්වය ගිල දැමීටම ඉඩ හැරීමකි.
උපයෝජන ක්‍රියා වැඩිවීම කෙරෙහි සංචාරක කර්මාන්තයේ ද බලපෑමක් ඇති නමුත් ස්වදේශිකයන් නිසා සිදුවන නීති වීරෝධී ක්‍රියා, සංචාරකයින් නිසා වන එවැනි ක්‍රියාවන්ට වඩා ඉහළ අගයකි. ළමයින් රැකබලා ගන්නා ස්ථාන ආශ්‍රිතව මෙවැනි අප්‍රසන්න සිදුවීම් වාර්ති වනු පසුගිය කාලයේ දී සුලභ දරුණු සිදුවීමක් විය. එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගන්නා සේ අසාමාන්‍ය ලිංගික හැඟීම් ඇත්තවුන් සහ අපචාර දර්ශන අඩංගු වීඩියෝ පට නිපදවන්නන් මෙවැනි ස්ථාන වටා රොක්වනුයේ කිසිවකුගේ හෝ සැකයට ලක් නොවමිණි.
මනෝ විද්‍යාඥ සිග්මන් ප්‍රොයිඞ්ට අනුව පෞරුෂත්වයේ ඌණ වර්ධනය අපචාරයන්ට පෙළඹීමට හේතුවෙයි. තමා ජීවත් වන පවුල, සමාජය, පරිසරය, සහ පාසල් වටපිටාව සමග සමාන්තර වීමට නොහැකි වීම මෙයට හේතු වෙයි. මේ තත්ත්වය සමාජ ආචාර ධර්ම සහ මූලධර්ම සිඳබිඳ සමනය කර ගැනීමට උත්සුක වන බව මනෝ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඉටුකර ගැනීමට නොහැකි වූ අවශ්‍යතා ඉටුකර ගැනීමක් අපචාර ලෙස හැඳින්විය හැකි බව බන්දුරා සහ වෝල්ටර්ස් යන මනෝ විද්‍යාඥයෝ පවසති. මධ්‍ය ස්නායු පද්ධතියේ තේරුම් ගත නොහැකි ක්රියාකාරීත්වයක් ද අපයෝජනයට පෙළඹීමට හේතු විය හැකි බව තවත් මනෝ විද්‍යාත්මක විග්රහයකි.
කුඩා ළමයින් ශාරීරික වද හිංසාවන්ට ලක්වන අවස්ථා ද වර්ථමානයේ බහුල වශයෙන් සිදුවන වෙයි. ළමයින්ට පහරක් සිටින සේ පහර දීම, පිළිස්සීම, තුවාල සිදුකිරීම ළමා දිවිය මිලින කරන සිදුවීම්ය. ඇතැම් රටවල දෙමාපියන් හෝ ගුරුවරුන් විසින් ළමයින්ට පහර දීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකයි.
තම දරුවා, තමාට හැකි පමණ හොඳින් පෝෂණය කළ යුතුය. කේක්, පුඩිම්, චීස් ලබා දිය යුතු යැයි මින් අදහස් නොවේ. බොහෝ පියවරු තම මිල මුදල් සුරාවට, සූදුවට විවිධ අපචාර ක්‍රියාවන්ට යොදවති. මේ අතර නිසි පෝෂණයක් නොලැබී දරුවන්ට කෘෂ ඇවිදින ඇට සැකිලි පරිදි උග්‍ර මන්දපෝෂිත තත්ත්වයෙන් කාලය ගත කිරීමට සිදුවෙයි.
ළමයින් මෙහෙකාර සේවයේ යොදවා ගැනීම ශ්‍රී ලංකාව ඇතුළු තෙවන ලෝකයේ රටවල් තුළ දිස්වන කැපී පෙනෙන සිදුවීමකි. මෙම ක්රියාවේ දී ළමයින් අපචාර රැසකට ගොදුරු වෙයි. තම සිරුරේ ප්‍රමාණයට වඩා විසල් බර ඉසිලීම වැනි උසුලා ගත නොහැකි දරාගත නොහැකි කාර්යය රැසක් කිරීමට ඔවුන්ට සිදුවෙයි. මෙවිට කායික අතවරයන්ට ද, තුවාල ආදියට ද ගොදුරු වෙයි. සේව්‍ය පක්ෂය මොවුන්ට අතිශය දරුණු සහ අසභ්‍ය වචන භාවිතා කර කථා කරයි. විශාල පිරිසක් මධ්‍යයේ මෙසේ ලැජ්ජාවට පත්වීමද නිසා දරුණු මානසික ආතතීන්ට ලක්වීමට සිදුවෙයි.
එසේම සම වයසේ දරුවන් අධ්‍යාපන, සෞඛ්‍ය ආදී පහසුකම් සහිත මනා පොහොරක් ලබා සරුසාර ලෙස වැඩෙන ගොයම් යායක් සේ දිලෙද්දී මොවුන් ඒ කිසිවක් නොබලා අඳුරු අනාගතයකට හිමිකම් කියයි.
ළමයින් යුධ සේවයට යොදාගැනීම ද ඔවුන්ගේ අනාගතය විනාශ කර දමයි. මෙහිදී ළමා මනස ඒක පාක්ෂික කිරීම උදෙසා මොළය වෙනස් කිරීමක් ^Brain – changing& සිදු කරයි. එසේම යුද්ධයේ දී ඔවුන් දරුණු ලෙස තුවාල වීම් වලට ලක්වෙයි ඔවුන්ට යුධ බිමේදී නිසි ප්‍රතිකාර පවා නොලැබෙයි.
ළමයින් බිය ගන්වා වැඩ ගැනීමත් ආහාර පාන නොදී අඳුරු කුටිවල සිරකර තැබීමත් දරුණු අපචාර ක්‍රියා ලෙස සැලකිය හැකිය. ඇතැම් දෙමාපියන් ළමයින්ට අනවශ්‍ය පරිදි ඖෂධ වර්ග, වස – විෂ ලබාදීම ද සිදු කරති.
සමහර වැඩිහිටියන් mancheution syndrome නැමති මානසික රෝගයෙන් පෙළෙයි.තමන්ට නොමැති රෝග ලක්ෂණ පවසමින් වෛද්‍යවරුන් ලවා සිරුර පරීක්ෂා කරවා ගැනීමට පෙළඹෙයි. මෙවැනි වැඩිහිටියන් තමන්ගේ දරුවන්ද ඇතැම් විට වෛද්‍යවරුන් ලවා නිකරුණේ පරීක්ෂා කරවා ළමයින්ට නොමැති රෝග පවසමින් ඇතැම් විට ශල්‍යකර්ම වලට පවා භාජනය කරවති. මෙය manchution by proxy ලෙස හඳුන්වයි.
මේ ආකාරයෙන් සාමාන්‍යයෙන් අප නොසිතන අයුරින් ළමයින් සහ තරුණයින් වැඩිහිටියන් විසින් වැරදි ලෙස යොදා ගැනීම් පවතියි. එහෙත් මෙහි අවසාන ප්‍රතිඵලය සමස්ත සමාජ පද්ධතියටම වෛර කරන අනාගත පරපුරක් බිහිවීමයි උඳු වැපීරූ කළ මුං බලාපොරොත්තු විය නොහැකිය.
අද ප්‍රධානතම සමාජ පිළිලයක් බවට පත්වී ඇති ලිංගික දූෂණ ක්‍රියා දෙස නැවත අවධානය යොමු කරන්නේ නම් මෙවැනි ගැහැට වලට ලක්වූවන් ගේ පවුල් ජීවිත අප්‍රසන වෙයි. මේ නිසා පවුල් සංස්ථාව වියවුල් වී ඔවුන්ගේ දරුවන්ද හෙටක් නැනි ලොවක තනි වෙයි.
ගෙවී ගිය වසර කිහිපය තුළදී එකවර ගින්කන්දක් පුපුරන්නා සේ ලිංගික අපචාර ක්‍රියා ඉහල ගිය බව පෙනෙන්නට විය. එහෙත් මේ තත්ත්වය වසර ගණනාවක් මුළුල්ලේම පැවතිනි. Ice burgee phenomenon ලෙස මේ සිදුවීම හඳුන්වයි. විශාල අයිස් කන්දක් මහා සාගරයෙන් වැසී පවතින විට එහි මුදුන සුළු ප්‍රමාණයක් පමණක් පෙනෙන්නට තිබේ සාගර ජලය අඩුවූ විට මහා කන්ද පෙනෙන්නට පටන් ගනී.
මීට වසර ගණනාවකට පෙර විශාල අවධානයක් සංචාරක කර්මාන්තය නිසා වන සංස්කෘතික දූෂණයට පැවැති බැවින් ස්වදේශිකයින් නිසා වන සංස්කෘතික සෝදාපාළුව නිරාවරණය නොවීය.
ළමා අපචාර වළක්වාගත හැකි ක්‍රම
ලිංගික අපචාරයන්ට ගොදුරු වීම / ගොදුරු විය හැකි ක්‍රම ආදිය සම්බන්ධව විවෘත සංවාදයක් විය යුතුය. මේ තත්ත්වය පවුල කේන්ද්‍ර කොට විහිදී යා යුතුය.
ප්‍රජනක අධ්‍යාපනය විධිමත්ව ළමා පරපුර වෙත ලබා දිය යුතුය ලිංගිකත්වය යනු සැඟවිය යුතු තත්ත්වයක් නොවෙයි. නිසියාකාරව ලිංගික අධ්‍යාපනය ලබා නොදීම නිසා අනිසි සහ විද්‍යාත්මක නොවන ග්රන්ථ පරිශීලනය කිරීමට ඔවුහු පෙළඹෙති.මින් අතිවන විකෘති ලිංගික ආශාවන් අපචාර වැඩි කරයි.
දෙමාපියන් දරුවන්ගේ ශරීරයේ මායිම් පිළිබඳ අවබෝධයක් ලබාදිය යුතුය. මෙමගින් තමන්ට පමණක් පෞද්ගලික රහස්‍ය සීමා ස්පර්ශ කිරීම වළක්වා ගත හැකිය. වයස අවුරුදු 03 පසුව දරුවන්ගේ පවිත්‍රතා ඔවුන්ටම කර ගැනීමට ඉඩ හැරිය යුතුය.
යම් අතවරයක් පිළිබඳව අනතුරක් පවතින විට වහාම තමාට ඉතාම හිතවත් විශ්වාසවන්ත වැඩිහිටියෙකුට ඒ බව ප්‍රකාශ කළ යුතුය.
මෑත භාගයේ දී සිදුවූ බෙහෝ ළමා අපචාර ක්‍රියා මෙම පියවර අනුගමනය කළේ නම් වළක්වා ගත හැකිව තිබිණි. මෙවැනි අනතුරු පවතින විට ඒ සම්බන්ධව රහස් පවත්වා ගත යුතු නොවෙයි. අශ්වයා පැය නයෑමට ප්‍රථම ඉස්තාලය වසා දැමිය යුතුය.
අතවරයක් සිදුවන විට ඉන් ගැලවීමට කෑ ගසා පලා යාමට දැන ගත යුතුය. හැකි පමණ වෙර යොදා කෑ ගසා ආධාර ඉල්ලා සිටිය යුතුය.
මෙවැනි අපචාර සිදු කරන පුද්ගලයන් කවරේ දැයි තියුණු අවධානයකින් සිටීමත්, ඔවුන්ගෙන් ඉවත් වී සිටීමත් වැදගත්ය.
විකෘති කාමාශාවන් ඇතිකරන දර්ශන ප්‍රදර්ශනය වැළැක්වීම හා අසභ්‍ය පොත්පත් ප්රකාශනය තහනම් කළ යුතුය.
වෛද්‍ය ජි.ජී. චමල් සංජීව.
උපාධි ආයතනයේ රෝහල් පරිපාලනය පිළිබඳ කොළඹ පශ්චාත් වෛද්‍ය ලේඛකාධිකාරී, හිටපු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ – හම්බන්තොට