Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

2023 ආසියානු කුසලානය පාකිස්තානයේදී

janamaga-asia-cup-2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේදී පැවැත්වීමට ඩුබායිහිදී අද (15දා) පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී තීරණය කර ඇත.

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට දැනටමත් තීරණය කර ඇති අතර, එය විස්සයි20 ආකෘතියෙන් පැවැත්වේ. කෙසේ නමුත් පාකිස්තායට සත්කාරකත්වය හිමි වූ 2023 ආසියානු කුසලානය එක්දින ආකෘතියෙන් පැවැත්වේ.

ඉන්දීය ක්‍රිකට් ආයතන ලේකම් ජේ ෂාගේ ප්‍රධානත්වයෙන් මෙම තරගාවලිය පැවැති අතර, එහිදී පාකිස්තානු ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇත්තේ මෑත කාලයේ තරග පැවැත් වූ පරිදි තරගාවලිය පාකිස්තානයේදී පමණක් පවත්වන බවයි. ඒ හැරෙන්න සත්කාරකත්වය යටතේ වුවද වෙනත් ස්ථානයක තරගාවලිය පැවැත්වීමේ අදහසක් නොමැති බව පාකිස්තානය දැනුම් දී ඇත. මෙම රැස්වීමට පාකිස්තානය නියෝජනය කරමින් සහභාගි වූයේ එහි නව සභාපති රමීස් රාජාය.

අවසන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2018 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවති අතර, එක්දින ආකෘතියෙන් පැවති එම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දියාව සමත් විය. ඒ අවසන් තරගයේදී බංග්ලාදේශය පරාජය කරමිනි.

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img