බිත්තරයක මිල රුපියල් 03කින් හා කුකුල් මස් කිලෝ එකක මිල රුපියල් 50කින් අඩු කිරීමට කුකුල් ගොවිපල ව්‍යාපාරකයින් එකඟතාවය පළ කළ බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර අශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය ඩී. බී හේරත් සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව ගොවිපොල හිමියන් මෙම එකඟතාවයට පැමිණි ඇත.
ඔවුන් මෙම තීරණයට එළැඹ තිබෙනනේ සත්ත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය තිරිඟු ආදී ද්‍රව්‍ය ආනයනයේ දී ලබා දුන් සහනවලට ප්‍රතිචාරයක් ලෙසයි.