අද රටේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත්, සමාජ ආරක්ෂාවත් යනාදී සකලවිද ආරක්ෂාවන් උල්ලංඝනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රටේ තරුණ පරපුර පෝලිමේ රට අතැර යන බව පැවසූ විපක්ෂ නායක ආණ්ඩුව රටට උරුමකොට ඇත්තේ පෝලිම් යුගයක් පමණක් බව පැවසීය.
විපක්ෂ නායක මේ බව පැවසුවේ කින්නියා අලිගාර් මහා විදුහලේ පැවැති “සක්වල” වැඩසටහනේ තෙවැනි අදියරට එක් වෙමිනි.