Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

මගී ප්‍රවාහන බස් ගාස්තු  සංශෝධනය  ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

2021 දෙසැම්බර් මස 29වැනි දින ප්‍රකාශයට පත් කරන ලද 17.44% ක අගයකින් මගී ප්‍රවාහන බස් රථ වල ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩිකිරීම ඊයේ (05දා) සිට (00.01 පැයේ සිට) ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

ඒ අනුව ඊයේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හා මගීසේවා අවසර පත්‍ර යටතේ ධාවනය වන පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක විය යුතු සාමාන්‍ය සේවා (ආසනගත) ගාස්තු අවස්ථා 350 සඳහා වන ගාස්තු ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත.

අන්තර් පළාත් මාර්ගයන්හී ධාවනය වන සාමාන්‍ය (ආසනගත), අර්ධ සුඛෝපභොගී, සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී සහ අධිවේගී මාර්ග අධි සුඛෝපභෝගී බස්රථ සේවාවල (ශ්‍රී ලංගම සහ මගීසේවා අවසරපත්‍ර යටතේ ධාවනය වන පෞද්ගලික) සම්පූර්ණ බස් ගාස්තුව පහත සඳහන් වෙබ් අඩවිය මගින් ලබාගැනීමට හැකි බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙයි.

https://ntc.gov.lk/Bus_info/bus_fares.php

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img