පොදු ස්ථාන කරා ඇතුළුවීමේ දී එන්නත්කරණ කාඩ්පත අනිවාර්යය කිරීම සඳහා වන තාක්ෂණික කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
ඒ අනුව කේතය (QR Code) සහ යෙදුම(App) ජංගම දුරකථන යෙදුමක් ඔස්සේ ලබාදීමට සැලැසුම් කෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සමඟ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එන්නත්කරණය අනිවාර්යය කිරීමට හැකියාව නොමැති වුව ද පොදු ස්ථාන කරා ඇතුළු වීමේ දී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට හැකි බවත් ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ අනුව ක්‍රියාත්මක කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.