Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වයස අවුරුදු 15ට වැඩි ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ඩිජිටල් හැඳුනුම්පතක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වයස අවුරුදු 15ට වැඩි ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ඩිජිටල් හැඳුනුම්පත (Digital Youth ID) හඳුන්වාදීම තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යතුමා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරුණි .

ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව තිබෙන Block Chain තාක්‍ෂණය උපයෝගී කරගත් තොරතුරු තාක්‍ෂණ මෙවලමක් භාවිත කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂගේ මඟපෙන්වීම අනුව ජාතික තරුණ සේවා සභාව විසින් මෙම හැදුනුම්පත සකස් කොට ඇති අතර, මෙහි විශේෂත්වය වනුයේ අදාළ තරුණයාගේ හෝ තරුණියගේ නිපුණතාවයන් අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් හා වෙනත් සුදුසුකම් ඇතුළත් දත්ත බැංකුවක් ලෙස මෙය ප්‍රයෝජනයට ගත හැකිවීමයි.

මෙම හැදුනුම්පත ඔස්සේ ඇති තොරතුරු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා යෝජකයින් තම කාර්ය මණ්ඩල අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී දත්ත බැංකුවක් ලෙස භාවිත කරන නිසා මෙමගින් තරුණ තරුණියන්ට සෘජුවම රැකියා අවස්ථා ලබාගැනීමේ අවස්ථාව උදා වේ.

තරුණ තරුණියන්ට තම උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අවස්ථා සඳහා සෘජුවම ඕනෑම ආයතනයක ලියාපදිංචිවීමට මෙන්ම මේ සමග සම්බන්ධ වන පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වලින් ආකර්ෂණීය වට්ටම් ලබාගැනීමේ අවස්ථාව ද මෙම හැදුනුම්පත හරහා ලබා ගත හැක.

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ විස්තර ද මෙම හැඳුනුම්පතේ දත්ත මඟින් ලබාගත හැකි වීමද මේ තුළින් තරුණ ප්‍රජාවට ලැබෙන තවත් ප්‍රතිලාභයකි.

වයස අවුරුදු 15 සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ඕනෑම තරුණයෙකුට හෝ තරුණියකට ජාතික තරුණ සේවා සභාව හරහා මෙම ඩිජිටල් හැදුනුම්පත (Digital Youth ID) ලබාගත හැකි අතර තම හැකියා හා දක්ෂතාවයන් මත රැකියා ක්ෂේත්‍රයට සහ ව්‍යවසාය ක්ෂේත්‍රයට යොමුවන තරුණ පිරිස්වලට පුළුල් පරාසයක් ඔස්සේ විහිදුණු ප්‍රතිලාභ සහ අවස්ථාවන් මෙමගින් ලබාගත හැක.‍‍

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img