Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

දුම්කොළ සමාගමෙන් රජයට 2021දී රු. බිලියන 111ක බදු ආදායමක්

 

මෙරට ලැයිස්තුගත සමාගමක් වන ලංකා දුම්කොළ සමාගම විසින් 2021 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා පසුගිය (18දා) දින කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කර තිබේ.

ඊට අනුව සමාගම විසින් පසුගිය 2021 වසර තුළ දී රු. බිලියන 134.36 ක ආදායමක් උපයා ඇති අතර එයින් රු. බිලියන 100.75ක් රජයේ බදු ලෙස ගෙවා තිබේ.

මීට අමතරව 2021 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රු. බිලියන 10.50 ක ආදායම් බදු වියදමක් සමාගම ගෙවා ඇති අතර ඒ අනුව සමස්තයක් ලෙසින් රාජ්‍ය ආදායමට රු. බිලියන 111.25 ක් ලංකා දුම්කොළ සමාගමෙන් ලැබී ඇත.

2020 වසර තුළ දී ලංකා දුම්කොළ සමාගමෙන් රජයට ලැබී තිබෙන බදු ආදායම රු. බිලියන 109.92 ක් වන අතර 2019 දී එය රු. බිලියන 117.24 ක් හා 2018 දී රු. බිලියන 122.83 ක් වශයෙන් වේ.

සමාගම 2021 වර්ෂය තුළ දී ලබා ඇති බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 16.38කි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img