Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

රුමේනියාවේ රැකියා සඳහා යන ශ්‍රමිකයින්ට මහජන බැංකුවෙන් බැංකු පහසුකම්

ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය විසින් රුමේනියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් 17 දෙනකු පසුගියදා පිටත්කළ අතර, මේ වෙනුවෙන් මහජන බැංකුව පූර්ණ බැංකු පහසුකම් පිරිනමන ලදි.

මෙම රටවිරුවන්ට ගුවන් ටිකට්පත් ප්‍රදානය පසුගියදා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය ගරු පියංකර ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේදි පසුගියදා සිදුකෙරිණි. මේ සඳහා මහජන බැංකුව විසින් මුදල් හුවමාරු කිරීම්, ශ්‍රමිකයින් 17 දෙනාටම ගිණුම් විවෘත කර දීම, ජංගම දුරකථන සහ අන්තර්ජාල බැංකු පහසුකම් ඇතුඵ සම්පූර්ණ පැකේජයක් පිරිනැමුවේ විදෙස් රටවල සිට දහදිය, ශ්‍රමය වගුරවමින් රටට විදේශ විනිමය රැගෙන එන රටවිරුවන්ට සිදුකරන උපහාරයක් සහ රාජ්‍ය බැංකුවක් ලෙස සිය ජාතික වගකීම ඉටුකිරීමේ අරමුණිනි.

මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මේජර් මහින්ද හතුරුසිංහ, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති මේජර් සුදත් අබේසිංහ, සාමාන්‍යාධිකාරී උදිත රෝහණ, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (එතෙර ගනුදෙනු සේවා) රොහාන් පතිරගේ යන මහත්වරුන්ද සහභාගී වූහ.

දිවයින පුරා ශාඛා 741 කින් සමන්විත දිවයිනේ පුළුල්තම ශාඛා ජාලය හා මිලියන 14කින් යුත් ශ්‍රී ලංකාවේ විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව මහජන බැංකුව සතු වන අතර, රජයේ එකම විදේශ රැකියා ඒජන්සි ආයතනය වන්නේ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img