මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මගින් සිදුවන සේවය සලකා බලමින් ඔවුන්ගේ ඉල්ලීම් අනුව රජය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගනු ලැබූ අමාත්‍ය මණ්ඩලයේ තීරණය කඩිනමින් ක්‍රියාත්මක කරමින් මේ වන විට ගුරු හා විදුහල්පති වැටුප් සඳහා දැනට දරනු ලබන රුපියල් මිලියන 109,000ක මුදලට අමතරව තවත් රුපියල් මිලියන 30,000ක් එක් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරේ.