අපනයනකරුවා අඩපණ කරන ක්‍රියාවලියක් තුලින් රටේ ආර්ථිකය ගොඩනඟන්න කෙසේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායක, මෙවැනි කටයුතු තුළින් අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගිය හැකි දැයි විමසා සිටියේය.
අයවැය තෙවැනිවර කියවීමේ විවාදය අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දී ඊයේ (10දා) මේ බව පැවසීය.
විදේශ ආයෝජනයන් දිරිමත් කරනවා වෙනුවට එම ආයෝජනයන් අඩපණ කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බවත්, තොරතුරු තාක්ෂණය වැනි අංශ හරහා නැගී එන නව ආර්ථිකය ආපසු හැරවීම උදෙසා ආණ්ඩුව පිඹුරු පත් සකසන බවත්වි පක්ෂ නායක පැවසීය.
මේ වනවිට ඩොලර් සංචිතය හිඟකම හේතුකොටගෙන ලංකාව පත්ව ඇති බරපතළ තත්ත්වයේ ප්‍රතිඵල ඉතා කඩිනමින්ම අත්විඳීමට සිදුවන ඇති බව පැවසූ විපක්ෂ නායක ණය ශ්‍රේණි ගත කිරීම් වලින් ද ලංකාව අවාසනාවන්ත ලෙස පහළට ගොස් ඇතැයිද පැවසීය.