ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තර සංගීත වේදිකාවට ගෙන ගිය යොහානි ද සිල්වා බ්‍රැන්ඩික්ස් සමාගමේ සන්නාම තානාපතිනිය ලෙස පත් කෙරේ. ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක 60,000 කට අධික සාමාජික, සාමාජිකාවන් පිරිසකගෙන් සමන්විත බ්‍රැන්ඩික්ස් හා දිරියෙන් සහ කැපවීමෙන් ජාත්‍යන්තරය ජයගත් යොහානී, මනා සුසංයෝගයක් ලෙස හැඳින්විය හැකිය.
“සන්නාම තානාපති ලෙස බ්‍රැන්ඩික්ස් පවුලට එක්වීමට ලැබීම මට මහත් සතුටක්. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයට රැගෙන යාම සඳහා බ්‍රැන්ඩික්ස් සමාගම ඉටුකරන මෙහෙවර සම්බන්ධයෙන්, කලාකාරියක ලෙස මා සැබැවින්ම ආඩම්බර වෙනවා. බ්‍රැන්ඩික්ස් පවුලේ කාගේත් ඉලක්කය වන්නේ තම හැකියා වැඩිදියුණු කරගනිමින් ජයග්‍රහණය වෙත ළඟා වීමයි. මෙරට ආර්ථිකයේ ප්‍රගමනයට නොමඳ දායකත්වයක් ලබාදෙන බ්‍රැන්ඩික්ස් සමාගම සමග එක් වී ‘පිබිදුණු විසඳුම්’ ලොවට තිළිණ කිරීමට මා බලා සිටින්නේ ඉමහත් උනන්දුවෙන්.” යොහානි පැවසුවා ය.
සන්නාම තානාපතිනිය ලෙස මින් ඉදිරියට යොහානි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවල සංචාරය කිරීමට නියමිත අතර, බ්‍රැන්ඩික්ස් හි සාමාජික සාමාජිකාවන් දිරිගන්වමින්, ඔවුන්ගේ ඔවුන්ගේ සුබසිද්ධිය සඳහා ක්‍රියාවට නංවා ඇති වැඩසටහන්වලට ද දායකත්වය ලබාදෙනු ඇත.
එමෙන්ම බ්‍රැන්ඩික්ස් සමූහයේ දක්ෂයන් ඇගයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන ‘බ්‍රැන්ඩික්ස් රසදිය මංගල්‍යය’ වැඩසටහනේ මුල් අදියරවලින් ජයග්‍රහණය ලැබූ සාමාජික සාමාජිකාවන්ට, අවසන් තරගයට පෙර තම දක්ෂතා තවදුරටත් වැඩිදියුණු කරගැනීමට ඇයගේ මගපෙන්වීම හිමිවනු ඇත.
“යොහානිගේ සාර්ථකත්වයෙන් නිරූපණය වන්නේ, සම්ප්‍රදායික සීමා බිඳහෙළමින් ජාත්‍යන්තරයට පිවිසීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට සහ ශ්‍රී ලාංකික සන්නාමවලට ඇති හැකියාවයි. එම නිසා, සාමූහික උත්සාහයන් ඔස්සේ ශ්‍රී ලාංකික ඇඟලුම් කර්මාන්තය ජාත්‍යන්තර තලයට රැගෙන යමින්, ගෝලීය සන්නාම සඳහා උසස්ම ප්‍රමිතියෙන් යුත් ඇඟලුම් නිපදවන රටක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමට සමත් වූ අපගේ කණ්ඩායමේ හඬ බවට පත්වීමට වඩාත්ම සුදුසු වන්නේ යොහානි බව අප තීරණය කළා. පිබිදුණු මිනිසුන් තුළින් පිබිදුණු විසඳුම් ලබාදෙන සමාගමක් වශයෙන්, මේ හවුල්කාරීත්වය ඔස්සේ අපගේ සාමාජික සාමාජිකාවන් තව-තවත් ධෛර්යමත් වනු ඇතැයි අප විශ්වාස කරනවා. අපගේ නවතම සාමාජිකාව ලෙස යොහානි අපගේ කණ්ඩායම වෙත පිළිගන්නේ ඉමහත් සතුටින්.” බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ඉෂාන් දන්තනාරායන පැවසී ය.
උත්සාහය හා කැපවීම ඔස්සේ ජාත්‍යන්තරය ජයගත් යොහානිගේ ගමන්මග, බ්‍රැන්ඩික්ස් සමූහයේ මෙන්ම සමස්තයක් ලෙස ඇඟලුම් කර්මාන්තයේ බහුතරය නියෝජනය කරන කාන්තාවන්ගේ සාර්ථකත්වයේ ගමන්මගට බෙහෙවින් සමාන වේ. මේ නවතම පියවර ඔස්සේ, තම සාමාජික සාමාජිකාවන් තවදුරටත් සවිබල ගැන්වීමටත්, රැකියා ස්ථානයක් ලෙස අනෙකුත් කර්මාන්තවලට ආදර්ශයක් බවට පත්වීමට ඇඟලුම් කර්මාන්තයට ඇති හැකියාව අවධාරණය කිරීමටත් බ්‍රැන්ඩික්ස් සමූහය අපේක්ෂා කරයි.
බ්‍රැන්ඩික්ස් යනු ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමකි. එහි පරමාර්ථය ‘පිබිදුණු මිනිසුන් තුළින් පිබිදුණු විසඳුම් ලබාදීම’ වේ. වසර 50 කට අධික කාලයක් තිස්සේ ලොව සුප්‍රකට වෙළඳ නාම රාශියකට ඇඟලුම් විසඳුම් පිරිනමා ඇති බ්‍රැන්ඩික්ස්, රටවල් 9 ක 60,000 කට අධික පිරිසක් සේවයේ යොදවා ඇත.
කලාපයේ වඩාත්ම තිරසාර ඇඟලුම් නිෂ්පාදකයා බවට පත්වීම සඳහා යන ගමනේ සෑම අදියරකදීම, තම මෙහෙයුම් කටයුතු හා හවුල්කරුවන් තුළ සැබෑ වෙනස්කම් වලට මුලපිරීමට බ්‍රැන්ඩික්ස් උත්සාහ දරයි. බ්‍රැන්ඩික්ස් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.brandix.com වෙත පිවිසෙන්න.