Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

පහේ හපනුන් 9,000කට ETF ශිෂ්‍යත්ව ප්‍රදානයක්

2020 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ දූ දරුවන් 9000කට ශිෂ්‍යත්ව ප්‍රදානයට අදාළ පළමු අදියරේ මුදල් චෙක්පත් ප්‍රදානය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

පළමු අදියර යටතේ දූ දරුවන් 6000කට ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා මහජන බැංකුවේ සිසු උදාන බැංකු ගිණුම් විවෘත කිරීමට පිරිනමන රුපියල් 89,820,000 වටිනා චෙක්පත සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න විසින් අගමැති මහින්ද රාජපක්ෂට මෙහිදී පිරිනමන ලදි.

අගමැති අදාළ චෙක්පත ඒ මොහොතේදීම මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂට භාර කළේය.

සෑම වසරකම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් (ETF) සාමාජිකයින්ගේ දූ දරුවන් 9000 කට එක් අයෙකුට රු.15,000 බැගින් ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුවේ.

1994 වර්ෂයේ කම්කරු අමාත්‍යවරයාව සිටි සමයේ අගමැති මහින්ද රාජපක්ෂගේ සංකල්පයකට අනුව මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය ඇරඹිණි. ඒ අනුව එදා පටන් අද දක්වා අඛණ්ඩව සෑම වර්ෂයකම මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීම සඳහාත් සුවහසක් කම්කරු ජනතාව වෙනුවෙන් කරනු ලබන උපහාරයක් ලෙසත් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය ක්‍රියාත්මකය.

ශිෂ්‍යත්වලාභී දරුවන් වෙනුවෙන් අදාළ මුදල් මහජන බැංකුවේ සිසු උදාන බැංකු ගිණුමක තැන්පත් කරන අවස්ථාවේ මලලසේකර සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයක් තිලිණ කරන අතර සාමාන්‍යයෙන් සිසු උදාන ගිණුම් සඳහා පිරිනමන සාමාන්‍ය පොලී අනුපාතයට වඩා වැඩි ප්‍රතිශතයක් මෙම ගිණුමට ලබාදෙයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img