මෙරට නිෂ්පාදනය කරන පොස්පේට් පොහොරවල අගය වැඩි කර පොස්පේට් පොටෑසියම් හා නයිට්‍රජන් අඩංගු නව පොහොර ප්‍රභේදයක් හඳුන්වා දීමට ශ්‍රි ලංකාවේ නැනෝ තාක්ෂණ ආයතනය ඉදිරිපත්ව සිටි.
මේ සම්බන්ධයෙන් මූලික ප්‍රායෝගික පරීක්ෂණ බතලගොඩ වී පර්යේෂණායතනයේදී සිදු කරන බව පසුගියදා (13දා) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය කෙරිණ.
මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පොස්පේට් නිධිය මෙරට වටිනා ස්වභාවික සම්පතක් බැවින් එයින් රටට උපරිම ප්‍රයෝජන ලබා ගත යුතු බවයි. දැනට මෙම පොස්පේට් නිධිය ආශ්‍රිතව නිෂ්පාදනය කරන පොහොර ප්‍රමාණය මෙ.ටොන් 50ක් දක්වා ඉහළට ගෙන ආ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පොස්පේට් පොහොරවල අගය වැඩි කර නිෂ්පාදිත නව පොහොර සංයුතිය භාවිත කරමින් සිදු කළ බඩඉරිඟු වගාව සාර්ථක වී ඇති බව එම අවස්ථාවට එක්ව සිටි මහාචාර්ය නිර්මලා කෝට්ටගොඩ මහත්මිය පෙන්වා දුන් අතර එළවළු හා අනෙකුත් බෝග සම්බන්ධයෙන් ද මෙම නව පෙහොර ප්‍රභේදය යොදා ගෙන පරීක්ෂණ පවත්වන බව සඳහන් කළාය.
පොස්පේට් පොහොරවල අගය වැඩි කර නිෂ්පාදනය කරන නව පොහොර ප්‍රභේදය පිළිබඳ කෙරෙන පර්යේෂණ අවසන්වීමට මාස හතරක පමණ කාලයක් ගත වන බවද එය සාර්ථක වුවහොත් මෙරට කාබනික වගාවට අවශ්‍ය අංග සම්පූර්ණ ඉහළ ප්‍රමිතියෙන් යුත් පොහොර අප රටේම නිෂ්පාදනය කළ හැකි බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.