Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම සංචාරක කර්මාන්තයට සුවිශේෂී ආයෝජනයක් වන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අදාළ ගිවිසුමට පසුගියදා අත්සන් තැබිණ.

නුවරඑළිය නගර සංවර්ධනය යටතේ  නානුඔය සිට නුවරඑළිය දක්වා අදියර 02 කින් කිලෝමීටර් 04 ක් දක්වා මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පරිසරයේ චමත්කාරය විඳ ගැනීමින් ඉහළ අහසේ සිට අවට ප්‍රදේශ විවිධ කෝණවලින් නැරඹීමට අවස්ථාව උදාකර දීම මෙහි මූලික අරමුණ වනවා. සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති බොහෝ රටවල මෙවැනි කේබල් කාර් ව්‍යාපෘති ක්‍රියාත්මකයි.

නුවරඑළිය දිස්ත්‍රික්කය දෙස් විදෙස් සංචාරකයින් බහුලව ගැවසෙන ප්‍රදේශයක් වන අතර මෙමගින් මෙම ප්‍රදේශයට සංචාරකයින් බහුලව ආකර්ෂණය කරගැනීමට ද ඉවහල්වන බව නාගරික සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

සියලු සංවර්ධන කටයුතු සඳහා ප්‍රධාන සහ මූලික සැලසුම් මේ වන විට සකස් කර අවසන් කර ඇති අතර ඉදිරි මාස 18 ඇතුළත යෝජිත කේබල් කාර් ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කිරීමට අදාළ සියලු සැලසුම් මේ වන විට සකස් කර තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කෙරේ.

ස්විඩන් විදේශීය ආධාර ක්‍රමය යටතේ සම්පූර්ණව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය 30 අවුරුදු බදු පදනමක් මත ඇමෙරිකානු ඩොලර් මිලියන 55 ක මුදලකින් සංවර්ධනය කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img