විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන සසුනට අරුණ වැඩසටහන යටතේ,ලක්ෂ 25ක වියදමක් දරා අරවනමුල්ල ශ්‍රී සෝමාලෝක විහාරස්ථානයේ ඉදිකරනු ලැබූ දහම් පාසැල් ගොඩනැගිල්ල විපක්ෂ නායක ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) විවෘත කරනු ලැබීය.
බැරගම ශ්‍රී ඤාණවිමල පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී පුජ්‍ය පොලොම්මාරුවේ විමලදස්සී නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම ප්‍රකාරව මෙම ගොඩනැගිල්ල ඉදි කරනු ලැබීය.
පසුගිය වකවානුවේ සිදුවූ සීනි වංචාව පිලිබදව සිහිපත් කළ විපක්ෂ නායක,
පාර්ලිමේන්තුව කල් තැබීම පිටුපස එම වංචාවේ තොරතුරු හෙලිදරව් වීම වැලැක්වීමේ තැතක් ඇති බව පැවසීය.
සීනි වංචාව හරහා රජයේ බදු ආදායමට මහා හානියක් වූ අතර එය රුපියල් බිලියන 15.9 ක් මුදලක් බව විපක්ෂ නායක පැවසීය.
මෙතරම් මුදල් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට අහිමි කිරීමක් සිදුවු වංචාව සීනි බදු වංචාව බවද විපක්ෂ නායක පැවසීය.