Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

දුම්බර රටා කළාල විවීමේ ශිල්පය අස්පර්ශනීය සංස්කෘතික උරුමයක් ලෙස යුනෙස්කෝ ආයතනය පිලිගනී

මහනුවර දිස්ත්‍රික්කයේ කලාසිරිගම සහ මාතලේ දිස්ත්‍රික්කයේ ආලෝකගම යන ශිල්ප ගම්මානයන්හි නිර්මාණකරුවන් විසින් සාම්ප්‍රදායිකව කරගෙන එනු ලබන දුම්බර රටා කළාල විවීමේ ශිල්පය මුළු මහත් මානව සංහතියම නියෝජනය කරන්නාවූ අස්පර්ශනීය සංස්කෘතික උරුමයක් වශයෙන් පිළිගන්නා බව යුනෙස්කෝ ආයතනය පසුගිය (15දා)  ප්‍රකාශයට පත් කර ඇත.

මෙම තීරණය ප්‍රකාශයට පත්කරන ලද්දේ සමස්ත ලෝක ජනතාවගේ අස්පර්ශනීය උරුමය සුරක්ෂා කිරීම පිළිබඳව යුනෙස්කෝ ආයතනය විසින් 2003 දී ප්‍රකාශිත අන්තර් ජාතික සම්මුතියට අනුව මේ දින වල ප්‍රංශයේ පැරිස් නගරයේ යුනෙස්කෝ මුලස්ථානයේ පවත්වනු ලබන දහසයවැනි අන්තර් රාජ්‍ය කමිටු රැස්වීමේ දීය.

අන්තර් රාජ්‍ය කමිටුව විසින් මෙම නිර්දේශය කරන ලද්දේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශය සහ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය ඒකාබද්ධව පත්කරන ලද විද්වත් කමිටුවක් විසින්, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලහි නිලධාරී මහතුන්ගේ සහ ඉහත කී සාම්ප්‍රදායික ශිල්පීන්ගේ ද සහය ඇතිව 2020 මාර්තු මාසයේදී යුනෙස්කෝව වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවලියක් සලක බැලීමෙන් අනතුරුවය.

සාම්ප්‍රදායිකව දුම්බර රටා විවීමේ ශිල්පය මෙසේ අන්තර් ජාතික පිළිගැනීමකට ලක්වීම එක අතකින් ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ළඟාකර දෙන අතරම, අනෙක් අතින් දැනට අභාවයට යාමේ තර්ජනයට මුහුණපා සිටින එම කලාව කෙරෙහි සමාජයෙහි අවධානය දිනා ගැනීමටත්, එමගින් එම ශිල්පීන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කරලීමටත් මනා පිටුවහලක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img