Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

පුජා භුමි සංවර්ධනයට ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක්

පොළොන්නරු සොළොස්මස්ථාන සංවර්ධන කටයුතු කඩිනම්ව සිදු කිරීම පිළිබඳ සාකච්ඡාවක් අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී  පැවැත්විණි.

පොළොන්නරු සොළොස්මස්ථාන පූජා භූමියේ සිදුකරන ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහය ලබාදෙන ලෙස මෙහි දී භික්ෂූන් වහන්සේලා සිදු කළ ඉල්ලීම අනුව ඉදිරියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව  අමාත්‍ය චමල් රාජපක්ෂ පැවසීය.

සොළොස්මස්ථාන පූජා භූමිය ආලෝකමත් කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමටත් ,  ඒ සඳහා විදුලි බිල මධ්‍යම සංස්කෘතික අරමුදලින් ගෙවිමට ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්  මහාචාර්ය කපිල ගුණවර්ධන එකඟතාව පළ කළේය.

දෙස් විදෙස් සංචාරකයන්ට සහ වන්දනාකරුවන්ට පූජා භූමිය තුළ පහසුවෙන් ගමන් කිරීමට හැකි වන ලෙස පූජා භූමිය ඇතුළත මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීම මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි ද එකඟතාවය පළ කර ඇත.

මනම්පිටියේ වැලි ගොඩදැමීමෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් යටතේ ඇති අරමුදලට ලැබෙන ආදායමෙන් කොටසක් පූජා භූමි සංවර්ධනයට යොදා ගැනීමට පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි එකඟ විය.

ඉදිරි වසර 05 සඳහා ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක මුදලක් ශ්‍රී ලංකාවේ පූජා භූමි සංවර්ධනයට ලැබෙන බැවින් එම මුදලින් යම් කොටසක් සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු සඳහා යෙදවීමට ද එහි දී එකඟතාව පළ වී ඇත.

මෙම අවස්ථාව සඳහා ශ්‍යාමෝපාලි වංශික සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක මහනුවර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරාධිපති  පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි නාහිමිපාණන් වහන්සේ, ගල්විහාර භාරකාර පූජ්‍ය කන්දකැටිය අත්ථදස්සි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණ.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img