රත්මලාන කර්මාන්තපුරය මෙන්ම කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින සෙසු සියලු කර්මාන්තපුර ද සමීපව නිරීක්ෂණය කරමින් කර්මාන්තකරුවන්ගේ ගැටලු හැකිතාක් උපරිමයෙන් විසඳීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
රත්මලාන කර්මාන්තපුරයෙහි නිරීක්ෂණ චාරිකාවක ඊයේ නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙලෙස අදහස් පළ කළේය.
කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින රත්මලාන කර්මාන්තපුරයෙහි කර්මාන්ත විස්සකට අධික ප්‍රමාණයක් පවත්වාගෙන යන අතර එහි කර්මාන්ත පවත්වාගෙන යන කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ගැටලු සහ අවශ්‍යතා පිළිබඳව අමාත්‍යවරයා සොයා බැලීය.
පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් වෙනත් රටවලින් අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කරවා ගැනීමට ඇති අසීරුතාව නිසා කර්මාන්තකරුවන් අසීරුතිවයට පත්ව ඇති අතර මහ බැංකු අධිපතිතුමන් හා අනෙකුත් රජයේ අංශ සමඟ සාකච්ඡා කර සුදුසු පියවර ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ වින්දික පියරත්න යන අය ද එක්ව සිටියහ.