Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරියගේ පැසසුමට

මෙරට සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය පසුගියදා (15දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූවාය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ක්‍රියාවලිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් මෙම හමුවේ දී සාකච්ඡාවට ලක්විය.

“ශ්‍රී ලංකාවේ ඉතා හොඳ එන්නත්කරණ වැඩසටහනක් තිබෙනවා”යැයි විග්නරාජා මෙහිදී පැවසුවාය.

බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කර ඇති බොහෝ රටවලට සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ද මෙහිදී ඇය පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය කෙමෙන් කෙමෙන් යළිත් වරක් වර්ධනය වීමට පටන් ගෙන ඇති බව අගමැති මෙහි දී සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා සංචාරක ක්ෂේත්‍රය විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව මෙහි දී සාකච්ඡා විය.

“මම හිතන්නේ එන්නත්කරණය සමඟ සංචාරකයන් නැවත පැමිණේවි යැයි විග්නරාජා මහත්මිය විශ්වාසය පල කළාය.

පශ්චාත් කොවිඩ්-19 හි ආර්ථික ප්‍රකෘතිය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමින් විග්නරාජා මහත්මිය මෙහි දී කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකාවට සහාය විය හැකි ක්‍රම රාශියක් පවතින බවයි.

ශ්‍රී ලංකාව සැමවිටම එක්සත් ජාතීන්ගේ සංවිධාන සමඟ සමීපව කටයුතු කර ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අඛණ්ඩව එය ඉදිරියටත් ක්‍රියාත්මක බව අවධාරණය කළේය.

විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ තරුණ තරුණියන්ට රැකියා සහ අවස්ථා නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය සහ පෞද්ගලික අංශයේ රැකියා සඳහා තරුණ තරුණියන් දිරිමත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර පරිපාලක සහ එහි ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ කලාපීය අධ්‍යක්ෂවරිය ලෙස ද විග්නරාජා මහත්මිය කටයුතු කරයි. ඒ අනුව දේශගුණ විපර්යාස සහ තිරසර සංවර්ධනයට අදාළව එම ක්ෂේත්‍රයන් ඔස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වනවිටත් ශ්‍රී ලංකාවට සහය දක්වමින් සිටින බව ඇය මෙම හමුවේ දී අගමැති දැනුවත් කළාය.

ශ්‍රී ලංකාවේ UNDP සහාය දක්වන ප්‍රධාන ව්‍යාපෘතිවලින් එකක් වන්නේ දැනට වසර හතක සිට ක්‍රියාත්මකවන දේශගුණයට ඔරොත්තු දෙන ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතියයි (CRIWMP). “ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ගොවීන්ට දේශගුණික විපර්යාස සඳහා ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතියේ මුළු පිරිවැයෙන් සියයට 73කට මඳක් වැඩි ප්‍රමාණයක අරමුදල් සැපයීම හරිත දේශගුණික අරමුදලෙන් (GCF) ලැබෙන ප්‍රදානයක් හරහා සිදුවේ.

ශ්‍රී ලංකා තිර‍සර සංවර්ධන සභාවේ (SDC) සමීප සහයෝගීතාවයෙන් තිරසාර සංවර්ධන ඉලක්ක (SDGS) සාක්ෂාත් කර ගැනීම සඳහා ගෙන යන වැඩකටයුතු පිළිබඳව UNDP ශ්‍රී ලංකා නේවාසික නියෝජිත රොබට් ජුකාම් මහතා මෙහි දී අගමැති මහින්ද රාජපක්ෂ දැනුවත් කළේය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img