දියර කිරි නිෂ්පාදන ඉලක්කය සම්පූර්ණ කර ගැනීමේ පියවරක් ලෙස ලබන වසර තුළ කිරි ගොවියන් 3000ක් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ආධාර හා ද්‍රව්‍ය ආධාර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය සඳහා කුඩා වතු හිමියන්ගේ කෘෂි ව්‍යපාර හවුල්කාරිත්ව වැඩසටහන (SAPP) රුපියල් මිලියන 1608ක් වැය කිරීමට සැලසුම් කර තිබේ. මෙම වැඩසටහනට මධ්‍යම පළාතේ කිරි ගොවියන් 1181ක් ද, වයඹ පළාතෙන් 513ක්, උතුරුමැද පළාතෙන් 442ක්, ඌව පළාතෙන් 816ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 40ක් හා මුලතිව් කිරි ගොවියන් 8ක් ලෙස කිරි ගොවියන් 3000 තෝරා ගෙන තිබේ.
මිල්කෝ ආයතනය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ යටතේ එක් කිරි ගවයෙකුගේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් දෙකකින් ඉහළ නැංවීමට අපේක්ෂිතය.
මේ අතර තරුණ කිරි ගොවියන් දහසක් දෙනා තෝරා ගෙන ඔවුන්ගේ කිරි ගොවි ව්‍යාපෘති යෝජනා අනුව රුපියල් ලක්ෂ පහක් දක්වා ණය මුදල් ලබා දෙයි.
එම ණය මුදල් යොදා ගෙන සාර්ථකව කිරි ගව පාලනය සිදුකරන තරුණ කිරි ගොවි ව්‍යවසායකයින්ට තම ව්‍යාපාරය දියුණු කර ගැනිමට මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීමට අපේක්ෂිත බව SAPP ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය යසන්තා මාපටුන සඳහන් කළේය.
පසුගියදා පැවති මෙම සාකච්ඡාවට SAPP ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය යසන්තා මාපටුන හා එහි නිලධාරීන්ද මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ ඇතුලු පිරිසක්ද එක්ව සිටියහ.