Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව ජනපතිට

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ සඳහා විසඳුම් සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව ඊයේ (20දා)  එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදෙනු ලැබිණ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති නොවැම්බර් මස 30 වන දින මෙම කමිටුව පත් කරනු ලැබීය.

ඒ අනුව කමිටුව සති දෙකක කාලයක් ඇතුළත ලිට්රෝ හා ලාෆ් යන ප්‍රධාන ගෑස් සමාගම් දෙකෙහි ස්ථානගත පරීක්ෂාව සහ කරුණු විමසීම් ඇතුළුව ආයතන 11කින් කරන ලද විමර්ශන, ගිනිගැනීම් හා පුපුරායාම් සිදු වූ ස්ථාන 17ක්, විද්‍යුත් තැපෑල මගින් ලද අදහස් සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පලගේගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්.ඩී.ඩබ්. ජයතිලක, මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම යන පිරිසක් කටයුතු කළහ.

මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය සාලිය ජයසේකරගේ සහාය ද ඊට ලබාගැනිණ.

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීමේ දී සිදුවීම් හඳුනා ගැනීම සහ අනතුරු සඳහා වූ මූලික හේතු යන ප්‍රධාන කාරණා දෙක ඔස්සේ පූර්ණ වාර්තාවක් සකස් කළ බව එහි සභාපති ශාන්ත වල්පලගේ පවසයි.

පවතින තත්ත්වයෙන් මිදීමට කෙටිකාලීනව සහ දිගුකාලීනව ගතයුතු ක්‍රියාමාර්ග කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා යන අය සහ කමිටුවේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img