Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

බණ්ඩාරවෙල බිඳුණුවැව පටක රෝපණ මධ්‍යස්ථානය ජනපති නිරීක්ෂණයට

ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පාලනය වන බණ්ඩාරවෙල බිඳුණුවැව පටක රෝපණ මධ්‍යස්ථානය සහ බිම්මල් බීජ නිෂ්පාදන ඒකකය පසුගියදා (18දා)  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක් විය.

කෙසෙල්, අඹ ඇතුළු පළතුරු සහ මල් පැළ වර්ගවලට අදාළ පටක රෝපණය මෙම මධ්‍යස්ථානය මගින් සිදු කරයි. විශ්වවිද්‍යාල කෘෂි පීඨ සහ පාසල් සිසුන්ගේ අධ්‍යාපනික පර්යේෂණ කටයුතු සඳහා පහසුකම් සැපයීම මධ්‍යස්ථානයෙන් සිදු කෙරේ.

කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් පුහුණු කිරීම සහ පළාතේ ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික සහ ප්‍රායෝගික දැනුම ලබාදීම සඳහා ආදර්ශන ගොවිපොළ ද මෙම ස්ථානයේ පවත්වාගෙන යයි.

කාබනික පොහොර භාවිතයෙන් සිදුකරන ආදර්ශ ගොවිපොළ නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා කාබනික පොහොර නිෂ්පාදනය ඇතුළු මෙහි සිදු කෙරෙන සේවවාන් වඩාත් පුළුල් කරන ලෙස උපදෙස් දෙනු ලැබීය.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනපිටිය සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img