Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවලට මාධ්‍ය සම්බන්ධයෙන් නිලධාරියෙක් අනුයුක්ත කරනවා – ජනමාධ්‍ය ඇමති

රජයට බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීමේදී සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් සඳහාම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහා නිලධාරියෙකු අනුයුක්ත කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

එය ප්‍ර‍කාශ කළේ ඉදිරි වර්ෂයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 341ක් සඳහා ස්ථිර පත්වීම් ලබන උපාධිධාරීන් අනුයුක්ත කරන බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකක නිලධාරීන් දැනුවත් කිරීමේ පසුගියදා පැවති දෙදින වැඩමුළුවට එක්වෙමිනි.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකක ස්ථාපිත කොට වසර 22ක් සම්පූර්ණවීම නිමිත්තෙන් මාධ්‍ය ඒකක සවිබල ගැන්වීමේ යෝජිත වැඩසටහනට සමගාමීව කැමරා සහ තාක්ෂණීක උපාංග ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ජාතික ජනමාධ්‍ය තුළ අවස්ථාවක් හිමි නොවන ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් නිර්මාණශීලී අයුරින් ඉදිරිපත් කිරීම සංවර්ධන මාධ්‍යවේදයේ කාර්යභාරයක් බව ද අමාත්‍යවරයා පෙන්නා දුන්නේය.

මහජන නියෝජිතයන් සහභාගීවන වැඩසටහන් පමණක් ප්‍රචාරය කිරීම වෙනුවට මහජනයා දැනුවත් වන සංවර්ධන කාර්ය භාරය දිස්ත්‍රික් මාධ්‍ය ඒකක තුළින් අපේක්ෂා කරන බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img