ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති ප්‍රමුඛතම වෙඩ් අඩවිය වන cricinfo (www.espncricinfo.com) වෙබ් අඩවිය විසින් නම්කළ 2021 වසරට අදාළ ටෙස්ට්, එක්දින හා විස්සයි20 කණ්ඩායම් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු නම් ඇත.
ඒ අනුව ටෙස්ට් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්න, එක්දින කණ්ඩායම සඳහා තුන්ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර නම් ඇත.
මීට අමතරව හසරංග වසරේ විස්සයි20 කණ්ඩායමටද නම් කර ඇත.
cricinfo නම් කළ වසරේ කණ්ඩායම්
ටෙස්ට් කණ්ඩායම –
රෝහිට් ෂර්මා, දිමුත් කරුණාරත්න, මානස් ලබුෂේන්, ජෝ රූට් (නායක), ෆාවඩ් අලාම්, රිෂාබ් පාන්ට්, ආර්. අශ්වින්, කයිල් ජමීසන්, හසන් අලී, ඔලී රොබින්සන්, ශහීන් ශාහ් අෆ්රිඩි
එක්දින කණ්ඩායම –
පෝල් ස්ටර්ලින්ග්, ෆකාර් සමාන්, බබාර් අසාම් (නායක), රසී වැන් ඩර් ඩුසේන්, ශකිබ් අල් හසාන්, මුෂ්ෆිකර් රහීම්, වනිදු හසරංග, සිමි සිං, ජොෂ් ලිට්ල්, දුෂ්මන්ත චමීර, මුස්ටර්ෆිසුර් රෙහ්මාන්
විස්සයි20 කණ්ඩායම –
බබාර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, මොයීන් අලී, ග්ලේන් මැක්ස්වෙල්, ලියම් ලිවින්ග්ස්ටන්, ග්ලේන් පිලිප්ස්, වනිදු හසරංග, හර්ෂාල් පටෙල්, රෂීඩ් ඛාන්, මුස්ටර්ෆිසුර් රෙහ්මාන්, ශහීන් ශාහ් අෆ්රිඩි