Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

මිනිස් හැකියාවන් අහිමි කරන ආඝාතය ගැන ඔබ දැනුවත්ද

 

janamaga-dr-gamini-pathiranaආඝාතය නැතහොත් අංශභාගය නැමති රෝගය බොහෝ දෙනෙක් දන්නා රෝගයක්. එසේම මෙය සමාජයේ ප්‍රශ්නයක් බවටද පත්ව තිබෙනවා. වැඩිහිට සමාජය තුල මෙවැනි දුබලතාවක් පවතිනවිට එම රෝගියාට පමණක් නොව ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ පවා විශාල ගැටළුවලට මුහුණ දීමට සිදුව තිබෙන බව ඔබ දැක ඇති. එසේනම් ආඝාතය යනු කුමක්ද ආඝාතය වැළඳීමට ඇති ඉඩ මොනවාද සහ එයට ඇති ප්‍රථිකාර කුමක්ද යන්න සමාජය දැනුවත් කිරීම උදෙසා කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා ආඝාත රෝගී තත්ත්වය පිලිබඳ මෙලෙස පැහැදිලි කරන ලදි.

 

අපි ආඝාතය ගැන දැනගතයුතු කරුණු කීපයක් තියෙනවා එයින් එකක් තමයි ආඝාතය යනු භයානක රෝගයක්. ඒ වගේම රෝගීන් වැඩිපුරම මිය යන රෝගය බවට පත්වෙලා තිබෙන්නේ හෘදයාබාද. නමුත් ඇතැම් රටවල දෙවන තුන්වන හෝ හතරවන ස්ථානයේ පසුවෙන්නේ මේ ආඝාතය නැමති රෝගය. අනික් අතට ආඝාතට අපේ මිනිස් ශරීරයේ තියන හැකියාවන් අහිමි කරනවා මේ තුලින් පෙනීම, ඇවිදීම, කතා කිරීම, ගිලීම වැනි මිනිසාට ඉතාමත් අත්‍යවශ්‍ය හැකියාවන් එක මොහොතකින් අහිමි කරන්නට එසේ නොමැතිනම් දුභලතාවයට පත්කරන්නට ආඝාතය නැමති රෝගයට හැකියාවක් ලැබෙනවා. දැනට ලැබෙන වාර්තා අනුව සෑම අය දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාතය වැළඳීමේ ඉඩ තිබෙනවා. මේ අනුව එක් පැත්තකින් මෙය භයානක රෝගයක්.janamaga-oaralysis-dr-gamini-pathirana-i

අනික් කරුණ ආඝාතය වැළඳුන රෝගීන් බොහෝ දෙනෙක්ට මෙය වැළඳීම වලක්වා ගැනීමට හැකියාව තිබූ කාරණා 10ක් පෙනෙන්නට තිබෙනවා. එනම් අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලොස්ටරෝල් වැඩිවීම, ස්ථූලතාවය, ව්‍යායාම මදිකම, මානසික ආතතිය, දුම්පානය යන රෝග. මේ අතරින් අධි රුධිර පීඩනය ප්‍රධාන හේතුවක් බවට පත්වෙලා තිබෙනවා ආඝාතය වැළඳීම සඳහා මේ අනුව ආඝාතය ගැන ඔබ නොදැනුවත්කමත් එක් හේතුවක් බවට පත්වෙලා තිබෙනවා ඔබට ආඝාතය වැලඳීම සඳහා. ඒ අනුව ඔබට ඉදිරියේදී ආඝාතය වැළඳිය හැකිද යන්න අපි ඉහත කතා කල කරුණු ඔබට තිබේදැයි සෙවිය යුතුයි. එම ලක්ෂණ ඔබට තිබේනම් ඔබ ඒවා පාලනයකින් තොරයි නම් ඉදිරියේදී ඔබ ආඝාතයට ගොදුරුවීමේ ඉඩ ප්‍රස්ථාව වැඩියි.

ආඝාතය හඳුනාගන්නේ කෙසේද යන්න ගැන කතා කලොත් එක් වරම ශරීරයේ එක් කොටසකක් අඩපණ වීම ආඝාතයක් ලෙස හඳුන්වනවා. මේ තත්ත්වය තමයි බොහෝ දෙනෙක්ට ඇතිවෙන්නේ. නමුත් එකවර සිදුනොවන තවත් රෝග ලක්ෂණ කිහිපයක් තිබෙනවා ඒ අතර පෙනීම නැතිවීම, කතාකිරීමට නොහැකිවීම, සමතුලිතතාව නැතිවීම වැනි එක් වරම සිදුනොවන රෝග ලක්ෂණ පවතින්නේ නම් එය ආඝාත රෝග තත්ත්වයක් විය හැකියි.

එසේම ආඝාතය වැළඳුනාට පසු සිදුකල හැකි ප්‍රථිකාර සීමා සහිතයි. නමුත් එවැනි රෝග ලක්ෂණයක් පෙන්නුම් කලොත් ඔබ හැකි ඉක්මණින් ලඟම පිහිටි ප්‍රධාන රෝහලකට ඇතුලත් විය යුතුයි. මොකද වර්ශ 1985ට කලින් ආඝාතයට ඉක්මන් ප්‍රථිකාර තිබුනේ නෑ. නමුත් වර්ථමානයේ වෛද්‍ය විද්‍යාව දියුණු වෙමින් පවතින කාලකය ආඝාතය සඳහා ඉක්මන් ප්‍රථිකාර ලැබී තියෙනවා.janamaga-oaralysis-dr-gamini-pathirana-m

ආඝාතය ප්‍රධාන වර්ග දෙකකින් සමන්විත වෙනවා එනම් රැධිර වාහීනිය අවහිර වීම (Block type) සහ මොලය තුලට රැධිරය වහනය වීම (Bleed type) ලෙසට. රුධිර වාහිනිය අවහිර වීම කියලා අපි හඳුන්වන්නේ රැධිර වාහිනිය අවහිර වීම නිසා රුධිර වාහිනිය හරහා සැපයුම ලබන මොලය ප්‍රදේශය මිය යෑම.  මොලය තුලය රුධිරය වහනය වීම තුලින් සිදුවෙන්නේ මොලය තුලට රුධිර වහනයක් සිදු සිදුවෙලා මේතුලින් ඇතිවන තෙරපුම හේතුවෙන් ස්නායු සෛල අක්‍රිය වීමකට ලක්වීම. මෙම වර්ග දෙකටම අධි රුධිර පීඩනට හේතුවක් වෙනවා.

ඒ වගේම රෝගියෙක් රෝහලට පැමිණිනාම වෛද්‍යවරුන් CT ස්කෑන් පරීක්ෂණයක් සිදුකරලා මෙම වර්ග දෙක වෙන්කර හඳුනාගැනීමක් කරනවා. නමුත් එසේ වෙන්කර හඳුනාගැනීමේ හැකියාව පවතින්නෙත් රෝගියා ඉක්මණින් රෝහලට පැමිණුනොත් විතරයි. මොකද පසුවෙලා රෝහලට පැමිණීමෙන් සිදුකරන පරීක්ෂණ වලින් මෙම වෙනස පෙන්නුම් කරන්නේ නෑ.

ඔබට ආඝාතය අනාගතයේ වැළඳීමට ඉඩ තිබෙනවානම් එය දැනගත හැකි ක්‍රමයක්ද තිබෙනවා. එය අපි හඳුන්වනවා සුලු ආඝාත තත්ත්වයක් කියලා. මෙහිදි සිදුවන්නේ ආඝාතය වගේම තත්ත්වයක් ඇතිවෙලා මොහොතකින් එය සුව වෙනවා. නමුත් මේ වගේ තත්ත්වයක් ඇතිවුනොත් සුව වුනාට මෙය දරුණු තත්ත්වයක්. මොකද ඉදිරි පැය කිහිපය හෝ දවස් කිහිපය ඔබට බරපතල ආඝාත තත්ත්වය ඇතිවීමේ පෙරනිමිත්තක් තමයි මේක. ඒ නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවුන වහාම වෛද්‍යවරයෙකු හමුවෙලා එය සිදුවුනේ ඇයි කියන හේතුව සොයාගැනීමෙන් සහ එයට ප්‍රථිකාර ගැනීමෙන් ඔබට බරපතළ ආඝාත තත්ත්වය වලක්වා ගැනීමට ඉඩ තිබෙනවා. ඇතැම් රෝගීන් පවසන දෙයක් තමයි මේ සුළු ආඝාත තත්ත්වය කලින් තමන්ට තිබුණු බවත් නමුත් ඒ පිලිබඳ තැකීමක් කලේ නෑ කියන කාරණාව. ඒ නිසා ඉක්මනින් රෝහලට ඇතුලත් වීම ඉතා වැදගත් වෙනවා.

අපි සඳහන් කලා ඔබ ඉක්මනින් රෝහලට පැමිණීම ඉතා වැදගත් කියලා මෙයට හේතුව තමයි වෛද්‍යවරුන්ට ඉතාමත් පොඩි කාලයයි තිබෙන්නේ. රෝග ලක්ෂණ ඇතිවූ වහාම ඔබ රෝහලට පැමිණුනාම මොලය මිය යාමේ තර්ජනයට ලක්වුන ප්‍රදේශය බේරා ගැනීමට උත්සහ කරනවා. මෙලෙස මොලයේ සෛල බේරා ගැනීමට දරණ උත්සාහය රෝගියා තුලින් පෙන්නුම් කරන්නේ ඔහුගේ දුභලතාවය අඩුකර ගැනීමක් විදිහටයි.janamaga-oaralysis-dr-gamini-pathirana-p

ආඝාතය වැළඳුනාට පසු සිදුකරන තවත් දෙයක් තමයි පුනරුත්ථාපනය කිරීම. මේ තුලින් සිදුවෙන්නේ නැතිවූ හැකියාවන් නැවත ලබා ගැනීමට දරණ උත්සාය. මෙයත් යම්කිසි කාලයක් තුල විද්‍යාත්මකව සිදුකලහම උපරිම ප්‍රථිපල ලබාගන්න පුළුවන්.  එසේම වරක් ආඝාතය වැළඳුන අයෙකුට නැවත වැළදීමේ ප්‍රවණතාව වැඩියි. එම නිසා විශේෂයෙන් වෛද්‍යවරුන් දෙන උපදෙස් සහ වෛද්‍ය ප්‍රථිකාර නිවැරදිව ලබා ගැනීම, පුනරුත්ථාපන ව්‍යායාම් වල නිවැරදිව යෙදීම ආදි කර්තව්‍යන් තුල ආඝාතය රෝගය තුල තිබෙන බරපතල තත්ත්වය අඩුකර ගැනීමට හැකියාවක් ලැබෙනවා.

 අවසන් වශයෙන් ආඝාත තත්ත්වට ගැන ඔබ දැනුවත්නම් එම රෝග ලක්ෂණ පිලිබඳ ඔබ දන්නේ නම් නිරන්තරයෙන් රුධිර පීඩනය පරික්ෂා කරගැනීම ඉතාමත් වැදගත් ඒ වගේම අදාල වෛද්‍යවරයා සමග සාකච්ඡා කරලා අදාල ඉලක්කට පවත්වාගැනීම ද, දියවැඩියාව පාලනය කරගැනීම, දුම්පානයෙන් ඈත්වීම, ශරීරයට අවශ්‍ය ව්‍යායාම ලබා ගැනීම, යහපත් ආහාර ලබා ගැනීම, මානසික ආතතියෙන් තොරව ජීවත් වීමද ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img