Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

IPL නිසා යටගිය EPL කිරුළේ ජය සීක්කුගේ ක්‍රීඩාකළ ටයිගර්ස්ට

janamaga-epl-winners-ලොව පුරා පැවැත්වෙන විස්සයි20 (franchise cricket) ලීග් තරගාවලි අතරින් ඉන්දීය ප්‍රිමියර් ලීගය (අයි.පී.එල්.) දැවැන්තම තරගාවලියයි. ලොව ඉහළම මූල්‍ය ශක්තිය ඇති ඉන්දීය ක්‍රිකට් ආයතනයට අභියෝග කළ හැකි තවත් ලීගයක් ලොව නොමැත.

කෙසේ නමුත් අයි.පී.එල්. මඟ යමින් ලොව පුරා විස්සයි20 ක්‍රිකට් ලීග බිහිවී ඇති අතර, ඊට මෑතකදී එක් වූ සාමාජිකයා නේපාලය ක්‍රිකට් ආයතනය සංවිධානය කරන එවරස්ට් ප්‍රිමියර් ලීග් (ඊ.පී.එල්.) තරගාවලියයි.

ත්‍රිබුවන් විශ්වවිද්‍යාලීය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවෙන්ද ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සහභාගි වූ අතර, එහිදී ශූරතාව දිනාගැනීමට සමත් වූයේ සීක්කුගේ ප්‍රසන්න නියෝජනය කළ චිට්වාන් ටයිගර්ස් කණ්ඩායමයි. එමෙන්ම අවසන් මහා තරගයේදී පොකාරා රයිනෝස් කඩුලු 04කින් පරාජය වූ අතර, එම කණ්ඩායම වෙනුවෙන් අසේල ගුණරත්න හා සහන් ආරච්ච්ගේ ක්‍රීඩා කළහ.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධම්මික ප්‍රසාද්, උපුල් තරංග, සඳුන් වීරක්කොඩි, සහන් ආරච්චිගේ, අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න, ඩිල්ෂාන් මුණවීර, අශාන් ප්‍රියන්ජන්, ඕෂධ ප්‍රනාන්දු සහභාගි වූහ.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img