Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

නිධානයක් ගැනීමට දූපතට ගිය තිදෙනෙක් අත්අඩංගුවට

janamaga-a-treasure-anuradapura

දූපතක ඇතැයි කියන නිධානයක් අත්අඩංගුවට ගැනීමට ගිය සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

අනුරාධපුර නාච්චාදූව වැව මැද තිබෙන දූපතක නිධානයක් මෙලෙස ගොඩ ගැනීම සඳහා ඔවුන් තිදෙනා ගොස් ඇති අතර මොවුන් තිදෙනාගෙන් එක් අයෙකු කපුවෙකු බව බවද පොලීසිය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිදු කරන 64 හැවිරිදි පුද්ගලයකු සහ අනුරාධපුර කීරික්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 සහ 36  වියේ පසු වන සැකකරුවන් තිදෙනෙකු බවද සඳහන්.

නාච්චිදූව වැව මැද තිබෙන එක් දූපතක පිරිසක් නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් සිදුකරන බවට අනුරාධපුර පොලිස් මූලස්ථානයේ ස්ථානාධිපතිවරයාට ඊයේ (29) දින ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (30 දා)  අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img