ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
මේ වනවිට ඔහු සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දැනුම්දී ඇතැයිද සඳහන්.
භානුක රාජපක්ෂ එක්දින තරඟ 05කට සහ 20/20 තරඟ 18කට සහභාගී වී ඇති අතර මෑත භාගය තුල එක්දින සහ 20/20 තරඟවලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් කිහිප දෙනාගෙන්ම එක් අයෙකි.
එමෙන්ම භානුක රාජපක්ෂගේ හදිසි සමුගැනීමට හේතුව මේවන තෙක් අනාවරණය වී නොමැත.
මේ අතර එක්දින හා 20/20 තරඟ නියෝජනය කල ඇන්ජලෝ පෙරේරාද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව දැනුම් දී ඇත.
නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී භානුක ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කලරමින් එහි නායකයා වූ අතර කැන්ඩි කණ්ඩායම නියෝජනය කරමින් ඇන්ජලෝ පෙරේරා එහි නායකයා ලෙසද කටයුතු කරන ලදි.