Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ත්‍රිරෝද රථ ගාස්තුව අද සිට වැඩිවෙයි අවම බස් ගාස්තුවත් 25ක් දක්වා ඉහලට

janamaga-3weel-bus

ත්‍රීරෝද රථ ගාස්තු ඉහල දැමීමට ත්‍රිරෝධ රථ රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව පළමු කිලෝමීටරයක් සඳහා රුපියල් 80ක උපරියමක් දක්වාත් දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 45ක් දක්වාත් මිල ඉහල දැමීමට අද (21) සිට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේන සඳහන් කරයි.

“අපි තීන්දු කරලා තියෙනවා මේ වෙලාවේ පළමු කිලෝමීටරයට රු 80ක උපරිමයකටත් දෙවන කිලෝමීටරයේ සිට රු 45 දක්වා යන්න. මේකට හේතුව තමයි මේ වැඩිවෙලා තියෙන බඩු භාණ්ඩ සියලුම දේවල් වැඩිවෙලා තියෙද්දි අපේ අය ජීවත් වෙන්න ඕනේ මේ ත්‍රීවිල් රස්සාව කරලා. මේ වෙද්දි කම්පැනිවලින් මගියාව සුරාකමින් තියෙනවා. ත්‍රීරෝද රථ නියාමනය සම්බන්ධයෙන් අපි අවුරුදු 20ක් පමණ ඉඳලා කතා කරනවා ගාස්තු සමාලෝචන කමිටුවක්. නියාමනය ඇතුළේ මේ දේ කරලා දෙන්න කිව්වහම තව තවත් කල්ඇරීමෙන් මේක අයාලේ යනවා. අපි කියනවා මේ වෙලාවේ ගාස්තු සමාලෝචන කමිටුව තුළින් වෘත්තීය රියදුරා හඳුනාගැනීමේ වැඩපිළිවෙලක් අපි බලාපොරොත්තු වෙනවා.”

මේ අතර ඉන්ධන මිල ඉහල යාමත් සමග රුපියල් 14ක් වන අවම බස් ගාස්තුව රුපියල් 25ක් දක්වා ඉහල දැමීමට පෞද්ගලික බස් සමාගම් යෝජනා කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා මැදිහත්ව මේ සඳහා විසඳුමක් ලබා දෙනු ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

 

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img