සිරුරට වැසී ඇති අමනුශ්‍ය දෝශය ඉවත් කරදීමට යැයි කියමින් සිය දේවාලය තුලදි තරුණියකට ලිංගික අතවර කළ බව කියන කපුවෙකු ඊයේ (17) අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය සඳහන් කරයි.
අතවරයට ලක්වූ බව කියන 22 හැවිරිදි තරුණිය සහ ඇගේ මව විසින් අහුන්ගල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවද සඳහන්.
සැකකාර කපුවා විසින් අදාල තරුණියගේ සිරුරට අමනුෂ්‍ය දෝශයක් වැසී ඇති බවත් එය ඉවත් කිරීමට රුපියල් 40,000ක මුදලක් සහ ඇය තෙදිනක් සිය නිවසේ තනිව නතරකරන ලෙසත් ඉල්ලා ඇති බවත් ඒ අනුව තනිව නිවසේ නැවතුනු අදාල තරුණිය සැකකරු විසින් සිය නිවස තුලදී මෙන්ම දේවාලය තුලදීද විටින් විට තමාව ලිංගක අතරවයකට ලක්කල බවත් අදාල තරුණිය විසින් පොලිසියට යොමු කල පැමිණිල්ලෙහි සඳහන් වෙයි.
මේ සම්බන්ධයෙක් පැමැණිලි කල තරුණිය සහ අතවරයකට ලක්වී ඇත්දැයි සොයා බැලීමට වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය විසින් ඇයව බලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කල බවත් පොලීසිය සඳහන් කරයි.
සැකකාර කපුවා හිටපු යුද හමුදා නිලධාරියෙකු වන අතර ඔහු 48 හැවිරිදි දෙදරු පියෙකි.
සැකකරු අද (18) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කරයි.