අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය අදින් (07) ආරම්භ වෙයි.
අධ්‍යාපන බලධාරීන්, විභාග ශාලාධිපතිවරුන්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව විභාගය ආරම්භ කිරීම සඳහා මේ වනවිට සියළු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අදින් ඇරඹෙන උසස් පෙල විභාගය එලැඹෙන මස 05 වැනි දින දක්වා පැවැත්වීමට සැලසුම් සකස් කර ඇති අතර විභාග මධ්‍යස්ථාන 2438කදී සිසුන් 345,242 මෙවර උසස් පෙල විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම කෝවිඩ් ආසාදිත සහ නිරෝධායනය වන අපේක්ෂකයින් සඳහා රෝහල් ආශ්‍රිත විශේෂ මධ්‍යස්ථාන 29ක් පිහිටුවා ඇති බව විභාග කොමසාරින් ජනරාල් එල්.එම්.ඩී ධර්මරත්න සඳහන් කරයි.
එසේම ශ්වසන අපහසුතා ඇතුළු සැක සහිත රෝග ලක්ෂණ සහිත දරුවන්ට විභාගයට පෙනී සිටීම සඳහා සෑම විභාග මධ්‍යස්ථානයකම වෙනත් ස්ථානයක් වෙන් කර ඇති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලීද සිල්වා ප්‍රකාශ කරයි.
මෙවරද විභාග නීති රීති එලෙසම ක්‍රියාත්මක වන අතර විභාග ශාලාවට ඉලෙක්ට්‍රෝනික මෙවලම්, ඉලෙක්ට්‍රෝනික අත්ඔරලෝසු, ජංගම දුරකතන වැනි අනවශ්‍ය දේ රැගෙන ඒම සපුරා තහනම් වනු ඇත.
සිසුන්ට විභාගය සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතින්නේ නම් 1911 ක්ෂණික දුරකථන අංකය හෝ 0112 784208 හෝ 011 -2784537 යන දුරකථන අංක අමතන මෙන් විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.